IMG-LOGO

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 224 ට නගී

(ටී.කේ.ජී. කපිල)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇත.  ඉන් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින්ද, තවත් දෙදෙනෙකු මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින්ද සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 224 ක් බවත්, මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22 ක් බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද සවස 4.00 වනවිට සොයාගත් කොරෝනා ආසාදිත රෝගීන් සමග දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1,632 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඈපා මහතා පැවසීය.

ඒ සමගම කටුනායක, සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 25 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වී ඇති අතර ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා දිවුලපිටිය රෝහල වෙත යොමු කර ඇති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.



අදහස් (1)

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 224 ට නගී

Anuruddha Monday, 19 October 2020 03:17 PM

තාම කෝවිඩ් 19 සමාජගතවී නොමැත. කඩේ යන දොස්තරවරු අනුව.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 384 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site