(අමරසිරි රණසිංහ)
කොරෝනා රෝගියෙකු බවට පී.සී.ආර්. පරික්ෂණයකින් තහවුරු වූ අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉකුත් 14 (බදාදා) දින ඌරගස්මංහන්දිය නගරයට පැමිණ තිබූ බව හෙළි වීමත් සමග ඔහු පැමිණි බව කියන ව්‍යාපාරික ස්ථාන ඇතුළු ස්ථාන 5ක් වසාදැමූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පුද්ගලයා ඉකුත් 14 (බදාදා) දින ඌරගස්මංහන්දියට යතුරුපැදියකින් පැමිණ, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇත. ඔහු පැමිණි යතුරුපැදියේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා අම්බලන්ගොඩ පාරේ පිහිටි ගරාජයකට ගොස් ඇති අතර යතුරු පැදියට අවශ්‍ය අමතර කොටස් මිලට ගැනීම සඳහා නගර මධ්‍යයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් වෙළෙඳ සැලකට ගොස් තිබිණි. ඉන්පසු වෙළෙඳ සැලකට හා බුදුමැදුර හන්දිය පිහිටි දුරකතන සේවා සපයන ආයතනයකට ගොස් තිබිණ.
ඒ අනුව රෝගියා ගොස් තිබූ ස්ථාන 5ක් වසාදමා එහි සේවකයන් නිවෙස් වල නිරෝධායනයට යොමුකර ඇති අතර ආරක්ෂක හා සෞඛ්‍යය අංශ මගින් රෝගියා සංචරණය කළ ස්ථාන වලට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු නිරීක්ෂණය කරයි.
ඌරගස්මංහන්දිය නගරයේ ඉහත ස්ථානයන්ට 14 දිනෙන් පසු පැමිණි ජනතාව අවධානයෙන් සිට කොවිඞ් 19 රෝග ලක්ෂණ ඇත්නම් 119 අංකයට අමතා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා ඌරගස්මංහන්දියේ කොටසක් වසාදමයි