IMG-LOGO

කොරෝනා වයිරසයට සම මත පැය 9ක් රැඳෙන්න පුළුවන්

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසයට මිනිස් සම මත පැය 9කට ආසන්න කාලයක් රැඳී සිටිය හැකි බව අනාවරණය කරගැනීමට ජපාන පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පරාජයට පත් කිරීමට නම් නිරන්තරයෙන් දෑත් සේදිය යුතු යැයි ද ඔවුහු පෙන්වා දෙති.

මෙම නවතම අධ්‍යයනය පිළිබඳ තොරතුරු ‘ක්ලිනිකල් ඉන්ෆෙක්ෂස් ඩිසීස් ජර්නලයේ’ පළ කර ඇත.

සාමාන්‍යයෙන් උණ හෙම්බිරිස්සා තත්ත්ව ඇති කරන වයිරස විෂ බීජ සම මතුපිට රැඳී පවතින්නේ පැය දෙකක් හෝ තුනක් පමණක් බවත්, කොවිඩ්- 19 හෙවත් නව කොරෝනා වයිරස විෂබීජ අනෙක් සියලු වයිරස විෂබිජවලට වඩා ප්‍රබල බවත් පර්යේෂකයෝ පැහැදිලි කරති. කෙසේ නමුත්, එතනෝල් සහිත විෂබීජ නාශක දියර භාවිත කිරීමේදී කොවිඩ්- 19වයිරස විෂබීජ තත්ත්පර 15 ක් ඇතුළත විනාශ කර හැකි බව ද ජපන් වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වාදෙති.

කොවිඩ්-19 වයිරසය සමේ රැඳී පැවැතියත්, එය සිරුරුට ආසාදනය වීම සම හරහා සිදු නොවෙයි. වයිරසය ශරීරගත වන්නේ නාසයෙන්, මුඛයෙන් සහ ඇස්වලින් පමණි. වයිරසයෙන් බේරීමට නම්, මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය මීටරයකට හෝ මීටර් දෙකකට වඩා පවත්වා ගැනීම සහ දෑත් පිරිසුදු කිරීම නිරන්තරයෙන් කළ යුතු ය. මුහුණ ස්පර්ශ කරන බැවින් නිරතුරුවම දෑත් පිරිසුදුව තබා ගන්නැයි සෞඛ්‍ය උපදෙස් ලැබෙන්නේ ද එහෙයිනි.

මේ අතර, අපනයන භාණ්ඩ ඇසුරුමක් පරීක්ෂා කිරීමේදී, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස විෂබිජ හමුවුණැයි චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය පසුගියදා අනාවරණය කළේය.

හමුවුණු කොරෝනා වයිරස විෂබීජ සජීවී ඒවා බවත්, ඒවා හමුවූයේ ශීතකරණයට ලක් කරනු ලැබූ භාණ්ඩ ඇසුරුමක තිබී බවත් චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්විණි. ඒ අනුව, භාණ්ඩ ඇසුරුමකින් සජීවී වයිරස සාම්පල හමුවුණු පළමු අවස්ථාව මෙය බව පැවසේ.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. වයිරසය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන කොරෝනා වයිරස පවුලට අයත් එකක් බව තහවුරු කර ගැනුණත්, වයිරසය කොවිඩ්-19 යනුවෙන් නිල වශයෙන් නම් කළත්, වයිරසයේ සුලමුල තවමත් අබිරහසකි.

නව කොරෝනා වයිරසයට බැංකු නෝට්ටු,වීදුරු සහ වානේ මත දින28ක කාලයක් රැඳිය හැකි යැයි ඕස්ට්‍රේලියානු පර්යේෂකයෝ පිරිසක් ඉකුත් දා (12) අනාවරණය කළහ.

ඒ අනුව ‘කොවිඩ්-19’හෙවත් නව කොරෝනා වයිරසය ඉන්ෆ්ලුවෙන්සා වයිරසයට වඩා වැඩි කාලයක් එම මතුපිට රැඳිය හැකි ය.

මෙම අනාවරණය කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ජාතික වෛද්‍ය පර්යේෂණ ඒකකයට සම්බන්ධ වෛද්‍ය පර්යේෂකයන් පිරිසකි.

එහෙයින් සෑම විටම ජංගම දුරකතනය තිර,මුදල් නෝට්ටු, වීදුරු සහ සුදු යකඩවලින් නිපදවූ බඩු බාහිරාදිය පිරිසුදුව තබා ගැනීම කළ යුතු බවත්, අප ද සෑම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දෑත් පිරිසුදුව තබා ගැනීම කළ යුතු බවත් ඕස්ට්‍රේලියා ජාතික වෛද්‍ය පර්යේෂණ ඒකකයට සම්බන්ධ වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

මේ අනුව මීට පෙර කරන සියලු පර්යේෂණවලින් අනාවරණය වූවාට වඩා වැඩි කාලයක් වයිරසය විවිධ මතුපිට රැඳෙන බව මෙම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

නව කොරෝනා වයිරසය සෙල්සියස් 20ට අඩු උෂ්ණත්ව යටතේ ප්ලාස්ටික්, බැංකු නෝට්ටු, වීදුරු සහ විශේෂයෙන්ම ජංගම දුරකතන තිර මත දින 28ක් රැඳෙන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ.

වයිරස අධ්‍යයන විද්‍යා සඟරාවේ මෙම අධ්‍යයනය පිළිබඳ වාර්තා කර ඇත.

ඉන්ෆ්ලුවෙන්සා ඒ වයිරසයට මෙවැනි මතුපිට මත රැඳිය හැකි කාලය දින 17කි.

‘‘මේ කරුණු සැලකිල්ලට ගත්තාම අපි නැවත නැවත අවධාරණය කරන්න අවශ්‍ය දෙයක් තියෙනවා. අත් සේදීම වැදගත්. පිරිසුදුකාරක විෂබීජහරණ භාවිතා කර අත් සෝදන්න අවශ්‍යයි. ඒ වගේම වයිරසය රැඳෙනු ඇතැයි විශ්වාස කළ හැකි මතුපිට පිරිසුදු කළ යුතු’’ යැයි මෙම අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක ලෙස කටයුතු කළ ෂෙන් රිඩ්ල් පැවැසීය.

මෙම අධ්‍යයනයේදී කෘත්‍රීම ශ්ලේෂ්මල/සොටු/සෙම යනාදිය විවිධ මතුපිට තබමින් ද පරීක්ෂණ පවත්වා ඇත. එමෙන්ම ‘කොවිඩ්-19’ ආසාදිත රෝගීන්ගේ සාම්පල මෙන්ම වයිරසය ආසාදනය වී මසකට පසු සුවය ලැබූ අයගේ සාම්පල හා ඒවාට සමාන සාම්පල යොදාගනිමින් ද මෙම අධ්‍යයනය සිදු කර ඇත.

සෙල්සියස් අංශක 20,30 සහ 40 යන මට්ටම්වලදී ද පරීක්ෂණ හා අත්හදා බැලීම් සිදු කර ඇති අතර වයිරසය ශීත උෂ්ණත්ව තත්ත්ව වැඩි කාලයක් රැඳෙන බව ද මෙහිදි සොයාගැනීමට පර්යේෂකයන් සමත්ව ඇත. කපු යන ‘සංකීර්ණ’ මතුපිටවලට වැඩි කාලයක් මෘදු මතුපිට මතත් ප්ලාස්ටික්, බැංකු නෝට්ටුවලට වඩා වැඩි කාලයක් (කඩදාසි) මුදල් නෝට්ටු මත වයිරසය රැඳෙන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති.

‘‘අපි යන්න ගිම්හාන සමයට. ඒක ඉතා වැදගත්. උණුසුම් උෂ්ණත්ව තත්ත්ව මත වයිරසයක් වැඩි කාලයක් රැඳෙන්නේ නැහැ’’ යැයි රිඩල් කීය.

පාරජම්බුල කිරණවලින් සිදුවන බලපෑම ඉවත් කිරීම සඳහා අඳුරු පරිසරවල මෙම සියලු අත්හදා බැලීම් කළ බව ද හෙතෙම කීය. සෘජු හිරු එළියෙන් වයිරස විනාශයට පත්වන බව මේ වනවිට තහවුරු වී තිබේ.

‘‘ඒ නිසා සත්‍ය ලෝකයේදී මේ තත්ත්වය වෙනස්. අපේ අත්හදා බලපු තත්ත්වලදී වගේ නෙමෙයි සත්‍ය ලෝකයේදී තත්ත්වය. එහිදි වයිරසය ඉක්මනින් විනාශ වෙනවා’’ යැයි රිඩ්ල් තවදුරටත් පැවැසීය.


(ඒ.එෆ්.පී./රොයිටර්)

055



අදහස් (1)

කොරෝනා වයිරසයට සම මත පැය 9ක් රැඳෙන්න පුළුවන්

Darshana Tuesday, 20 October 2020 06:35 AM

අනේ බොරුවට මේ අනවශ්‍ය දේවල් කියලා මිනිස්සු බයකරන්න එපා. මම ඉන්න රටේ ඕවා නෙගටිව්, පොසිටිව් සහ වෙන්න පොසිටිව් හැමෝම එකට වැඩකරනවා. ඔය කියන විදිහට ලක්ෂ කෝටි ගණන් මැරෙන්නෙත් නැහැ මේක හැදිලා. උණක්, කැස්සක් විදිහට හැදිලා හෝ කිසිම රෝග ලක්ෂණයක් නැතිව හොඳවෙලා යනවා. මම ඉන්නේ ඩුබායි. මේ රට වහලත් නැහැ ඇඳිරි නීති දාලත් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 384 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site