
(මනෝප්‍රිය ගුණසේකර)
කූරගල රජමහා විහාරයේ කළ ප්‍රකාශයකින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ බවට බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට අද (21) බාර දුන්නේය.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රුපියල් ලක්‍ෂ 10ක් වටිනා ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන නොවැම්බර් මස 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස උන්වහන්සේට නියම කළේය.
2016 නොවැම්බර් පළමුවැනිදාත් 2016 දෙසැම්බර් 11 වැනිදාත් අතර කාලයේ කූරගල රජමහා විහාරස්ථානයේදී කළ ප්‍රකාශයකින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා ඇත.
අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී උන්වහන්සේට එරෙහි අධිචෝදනා පත්‍රය බාරදුන්නේය.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව අධිකරණයේ පෙනී සිටි තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව උන්වහන්සේට ඇප නියම කළ විනිසුරුවරයා මෙම නඩුව යළි කැඳවන ලබන නොවැම්බර් 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළිපිට බෝම්බ ගහනවා නම් ආගමේ නාමෙන් අවුරුදු 13න් පහළ ළමුන් කසාද බඳින්න ඕනේ කියලා පාරේ පෙළපාලි යනවා. අන්‍ය ආගම්වල ඉඩකඩම් බලෙන් අල්ලගෙන ඒවා විනාශ කරනවා නම් තව මොනවද දන්නේ නැහැ විශ්වාස බිඳෙන්න කියන්න එපා කියන්නේ?
හැමෝම දන්නවා තීන්දුව මොකක්ද කියලා.
බෝම්බ පත්තු කරලා ජීවිත නැති කරපු අය එළියේ.
අනේ අපේ සිංහල බෞද්ධ ආණ්ඩුව... !!!
අපේ හාමුදුරුවනේ අපි ඔබ සමගයි.