
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමා යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ ආසන්නතම අවස්ථාවක් පවතින හෙයින්, තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.
මෙම පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ කරුණු සළකා බලමින් අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශයට පත් කරන ලදී.
එසේම මෙම පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදී.
ඊයේ (20) පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම්කරු පොලිස් රැඳවුම්භාවයෙන් නිදහස් කරනු ලැබුවේ ජනාධිපතිගේ උපදෙස් අනුව බවය.
ඒවගේම පෙත්සම්කරුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සතු නොවූ බවද ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා අධිකරණයෙන් ඉල්ලා ඇති සහනයන් මීට පෙර මෙම අධිකරණයේ පැවති හෙල්පින් හම්බන්තොට ආදී නඩු විභාග කිහිපයකදීම ලබා දී තිබෙන බැවින් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටින සහනයන් ලබා දෙන්නැයිද ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ අතර රියාජ් බදියුදීන් ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා අතරමැදි පෙත්සමක් ගොනු කළ සෙත් සරණ ආයතනයේ ලෝරන්ස් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම්කරු මුදා හැර ඇත්තේ රැඳවුම් නියෝග කාලය අවසන් වීමට පෙර බවත්, රැඳවුම් නියෝග අවසන් වන්නේ ඔක්තෝබර් 21 වැනිදා බවත්ය.
පෙත්සම්කරු සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ පවත්වමින් සිටිනුයේ මුදල් විශූද්ධිකරණය සම්බන්ධයෙන් බවත් , පෙත්සම් කරු ගේ නීතීඥවරයා කියා සිටින පරිදි කිසිවිටනවත් ජනාධිපතිවරයා පෙත්සම්කරුව මුදා හැරීමට නියෝග නොකළ බවද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා සිටින සහන ප්‍රදානය නොකරන්නැයි අතරමැදි පෙත්සම්කාර සෙත්සරණ ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.
සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වන අතුරු නියෝගය අද (21) ප්‍රකාශයට පත් කරන බවට තීන්දු කෙරිණි.
රියාජ් බදියුදීන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු හත් දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රියාජ් බදියුදීන්ගේ පෙත්සම විසිවෙයි
Hafeel Wednesday, 21 October 2020 06:46 AM
පෙත්සම්කරුගේ නීතීඥවරයා කියා තියෙන්නේ පෙත්සම්කරුව නිදහස් කර ඇත්තේ ජනාධිපති නියෝගයෙන් බව. එහෙමනම් 69 ලක්ෂ ජනවරමට දැන් සතුටුද?
සමන් - ඕමානයWednesday, 21 October 2020 07:47 AM
හෆීල්, ඔබ ඔය කොමෙන්ටුව දමා ඇත්තේ එක්කෝ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් කියවන්නේ නැතිව. එහෙම නැත්නම්, හිතාමතාම කොටසක් නොසලකා හැරලා. ඔබ දැක්කේ නැද්ද? "පෙත්සම් කරුගේ නීතීඥවරයා කියා සිටින පරිදි කිසිවිටකවත් ජනාධිපතිවරයා පෙත්සම්කරුව මුදා හැරීමට නියෝග නොකළ බවද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය." යන කොටස? කොහොම වුණත්, මට පුදුම මේ නීතිඥයින් දෙන්නාගෙන් එක් අයෙකු කියන්නේ බොරුබව නම් හොඳටම පැහැදිලියි. එවිට, උසාවියට වැරදි ප්‍රකාශ කළා, නොමග යවන්න උත්සාහ කළා කියලා බොරු කියපු නීතිඥවරයාට විරුද්ධව පියවරක් ගන්නේ නැද්ද?
fairoos Wednesday, 21 October 2020 10:26 AM
අනේ පව් බබා...