IMG-LOGO

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක් වසාදමයි

(කේ. බුද්ධික කුමාරසිරි)
 
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාධිතයෙකු ලෙස අද (21) හඳුනා ගැනීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථානය වසාදමා ඔහුගේ ආශ්‍රිතයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමුකිරීමට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පවසයි.
 
ආසාධිත ව්‍යාපාරිකයා අසනීප තත්වයක් හේතුවෙන් ජයවර්ධනපුර මහරෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එහිදි කළ පී.සී.ආර්. පරීක්ෂාවකදී කොරෝනා ආසාධිතයෙකු බව හඳුනාගෙන ඇතැයි ජගත් කුමාර මහතා සඳහන් කළේය.
 
ඒ අනුව, මීගොඩ ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පවුලේ පිරිස එම නිවසේදීම ස්වයං නිරෝධායනට ලක් කිරීමටත් ව්‍යාපාරික ස්ථානය හා සම්බන්ධ ආශ්‍රිතයින් ඔවුන් පදිංචි ස්ථානවල ම ස්වයං නිරෝධායනට ලක් කිරීමටත් කටයුතු කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ද විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු අද සවස සිට යළි වෙළඳාම් කටයතු සදහා විවෘත කිරීමට අවසර ලබාදී ඇත.
 
ආසාදිත ව්‍යාපාරිකයාට අයත් වෙළඳ මධ්‍යස්ථානය වසාදමා විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කර තිබේ.



අදහස් (0)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක් වසාදමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 384 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site