IMG-LOGO

කොරෝනා ප්‍රතිකාර ඇඳන් තව 154 ක් පමණයි

(හර්ෂණ තුෂාර සිල්වා)

‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන් සඳහා වෙන් කරන ලද ඇඳන් 2,587න් 2,433ක් මේ වනවිට පිරී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (21) පැවැසීය.

‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක් වෙන් කර ඇතැයිද ඉදිරියේදී තවත් රෝහල් ගණනාවක් ඒ සඳහා සූදානම් කරන්නේ යැයි ද හෙතෙම කීය.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (21) පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය හේමන්ත හේරත් මහතා එම කරුණු සඳහන් කළේය.

‘කොවිඩ්-19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ සඳහාම වෙන්වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක් වෙන් කර ඇතැයි ද එහි ධාරිතාව 2,587ක් බවත් ඉන් 2,433ක රෝගීන් ප්‍රතිකාර ලබන බව ද හෙතෙම පැවැසීය.

ඉදිරියේදී රෝගීන් වාර්තා වන ආකාරය අනුව එම රෝගීන් යොමු කිරීම සඳහා තවත් රෝහල් සහ ස්ථාන සූදානම් කරන බවත් ඔහු කීවේය.

අවසන් පැය 24 ඇතුළතදී පී.සී.ආර්. පරීක්ෂණ 8,270ක් කර ඇති බවත් හෙතෙම කීය.

පසුගිය සතියේදී ප්‍රජාවෙන් සාම්පල 30,000කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් සමාජ ව්‍යාප්තියක් නැති බව තහවුරු කළ හැක්කේ ඒ තුළින් බවත් ඔහු කීවේය. එම ක්‍රියාවලිය දිගටම කරගෙන යන බව ද හෙතෙම පැවැසීය.

වයිරස ආසාදිතයන්, ඔවුන්ගේ මුල් ආශ්‍රිතයන්, ආශ්‍රිතයන්ගෙන් හමුවන රෝගීන්ගේ මුල් ආශ්‍රිතයන්, දෙවැනි හා තුන්වැනි පෙළ ආශ්‍රිතයන් හඳුනාගැනීම, ඔවුන්ට ප්‍රතිකාර කිරීම, සහ නිරෝධායනයට යොමු කිරීම යනාදී ක්‍රියාවලිය නොකඩවා කරගෙන යන බව ද ඔහු වැඩිදුරටත් කීය. 



අදහස් (4)

කොරෝනා ප්‍රතිකාර ඇඳන් තව 154 ක් පමණයි

de silva Wednesday, 21 October 2020 02:39 PM

ප්‍රශ්නයක් නැහැ.. දවසක් දෙකක් යනකොට ඇඳන් 100ක් 200ක් හිස්වේවි..!!!

:       0       0

ranjith Wednesday, 21 October 2020 11:43 PM

ඊටපස්සේ මොකද වෙන්නේ, මේ රටේ එකම ගුවන්තොටුපොලයි තියෙන්නේ ඒකෙන් තමා එනවානම් එන්න ඕන ඉතින් ඕක හරියට පාලනය කරගන්න බැරුව බයිලා ගහනවා.

:       1       4

eresh S kumara Thursday, 22 October 2020 03:51 AM

අර කොවිඩ් වලට ලැබුණු සල්ලි වලින් තව හොස්පිටල් හදන්න තියෙන්නේ.

:       0       3

lal Thursday, 22 October 2020 05:22 AM

සමාජ ව්‍යාප්තිය කියන්නෙත් 'සංහිඳියාව'' සැමට එක නීතියක්, වගේ තවත් එකක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 118 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 384 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site