(සමන් පාලිත නානායක්කාර )
කෝවිඩ් රෝගියකු හමුවීම නිසා බණ්ඩාරවෙල තොග පොල අද (29 ) තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බණ්ඩාරවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ආර් දිසානායක මහතා පැවසීය.
බණ්ඩාරවෙල මාතැටිල්ල ආසාදිත පුද්ගලයාගේ මාමා තොග පොළේ සේවය කරන අතර ඔහුගේ බිරිද සහ දියණියට ද කෝවිඩ් 19 වැළඳී ඇති බව පීසී ආර් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මේ දින වල බණ්ඩාරවෙල තොග පොළට පාරිභෝගික කටයුතු වෙනුවෙන් පැමිණි සියලු දෙනා මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිසානායක මහතා ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොග පොලවල් වලට එළවළු ගේන අය ගොඩක් හවසට බාර් ගිහින් අඩිය ගහලා ගෙදර යන්නේ. බාර්වල සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිනවා වගේම බීපු ඈයෝ බස් වලත් පිළිවෙලට යනවා කියන්න අපි දන්නවනේ. බාර් වහන්න කියලා ගොඩක් අය කිව්වත් ඒක නෑහෙන එකනං ලොකු ගැටලුවක්