(ලසන්ත නිරෝෂණ පෙරේරා )
ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය .
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් අටදෙනෙකු ඇහැලියගොඩ කොට්ටාසයේ වාර්තාවිම නිසා මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා පැවසීය.
ඇහැලියගොඩ ප්‍රදේශයේ කොරොනා වසංගත තත්ත්වය පැතිරීම අවම කිරිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යලය,පොලිසිය සහ සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි කාර්‍යාලය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිටස්තර ප්‍රදේශවලට නොගොස් නිවෙස්වල රැදි සිටිමින් අවශ්‍ය සහයෝගය දක්වන ලෙසද සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයා ඉල්ලිමක් කලේය .
රත්නපුර සිරිපාගම ,මල්වල සහ අවට ප්‍රදේශවලට පැනවු සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇහැලියගොඩට සංචරණ සීමා