(ලසන්ත නිරෝෂණ පෙරේරා )
ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය කොරොනා මර්දන කමිටුව තීරණය කළේය .
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් අටදෙනෙකු ඇහැලියගොඩ කොට්ටාසයේ වාර්තාවිම නිසා මෙම තීරණය ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී නන්දන කුමාරසිංහ මහතා පැවසීය.
ඇහැලියගොඩ ප්‍රදේශයේ කොරොනා වසංගත තත්ත්වය පැතිරීම අවම කිරිමට ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍යලය,පොලිසිය සහ සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි කාර්‍යාලය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිටස්තර ප්‍රදේශවලට නොගොස් නිවෙස්වල රැදි සිටිමින් අවශ්‍ය සහයෝගය දක්වන ලෙසද සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීවරයා ඉල්ලිමක් කලේය .
රත්නපුර සිරිපාගම ,මල්වල සහ අවට ප්‍රදේශවලට පැනවු සංචරණ සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd