IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කම්කරු කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් 4 ක් ඇතුළු 5 කට කොරෝනා

(විනීතා එම් ගමගේ)


කම්කරු මහ‍ ලේකම් කාර්යාල ‍ගොඩනැගිල්ලේ පිවිසුමේ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙකුට හා අමාත්‍යංශ රියැදුරෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් පූනානි නිරෝධායන කඳවුරට යවනු ලැබ ඇත.


එම ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපන ශාලාව කරගෙන යන තැනැත්තා පසුගියදා පෑලියගොඩ මාළු වෙළඳසැළට ගොස් මාළු ගෙනැවිත් ඇති බැවින් ඔහුගෙන්  මෙම පිරිස වෙත රෝගය ආසාදනය වන්නට ඇතැයි සැකකෙරේ.

ආපනශාලා හිමියා පීසී ආර් පරික්ෂණයට ලක් කළ අවස්ථාවේ ඔහු ආසාදිත නැතැයි ‍හෙළිවී ඇතත් ඔහුගේ සමීපතම තැනැත්තන් ලෙස මෙම පිරිස පරික්ෂණයට ලක්කිරීමේ දී ඔවුන් ආසාදනයට ලක්ව ඇතැයි හෙළිවී යැයි කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ අනුව ආසාදිතයන් ගේ සමීපතමයින් ද පීසීආර් පරික්ෂණවලට යොමු කළ බවත් මත්ස්‍ය වෙළඳපොලට ගිය බැවින් පළමුවෙන් පරික්ෂාවට ලක් කල තැනැත්තා ද යළි පරික්ෂාවට ලක්කළ බවත් හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මේ වනවිට මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල වසා ඇති බවත් දැනට පීසීආර් පරික්ෂණ සඳහා යවා ඇති සාම්පල පිළිබඳ වාර්තා ලැබුනු පසු තවදුරටත් එම ගොඩනැගිල්ල වසා දමන්නේ ද නැද්ද යන්න ගැන තීරණ්‍යක එළැඹෙන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර වැඩ කරන ජනතාවගේ අරමුදල් ලබා ගැනීමට අයදුම් කිරීම ඇතුළු කටයුතු සඳහා ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලය අමතා වේලාවක් වෙන් කර ගෙන යන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.



අදහස් (1)

කම්කරු කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් 4 ක් ඇතුළු 5 කට කොරෝනා

banda Thursday, 29 October 2020 09:15 AM

ඔය තැනින් තැන එක දෙක හමු වුනාට තාම රෝගය සමජගතවෙලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31638 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site