
(ක.ග.කරුණාරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට අද (28) සිට පත්කළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි.
ඒ අනුව රෝගීන් 1200කට ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් එහි සලසා ඇතැයිද ඒ මහතා කීය.
පොළොන්නරුව මහ රෝහල මගින් එහි පරිපාලන කටයුතු කෙරෙන අතර වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙම කොව්ඞ්- 19 නව ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා සේවයේ යොදවා ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල මගින් බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය.
මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ සහ රෝගීන් ඇතුලත් කිරීමේ අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර, පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෙද්‍ය නිහාල් ගුණතිලක, විශේෂ ශ්‍රේණියේ පරිපාලන හෙද නිලධාරී හමන්ගොඩ ජයසිංහ, පරිපාලන නිලධාරී සුමිත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාරම්භක උත්සවය සඳහා කිසිදු දේශපාලකයෙක් නැත ?
ෂරියා කැම්පස් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා හොඳ ක්‍රමයක් ...
මේ ෂරියා කියන නම වෙනස් විය යුතුය. ෂරියා නීතිය හා විශ්ව විද්‍යාල තිබිය යුත්තේ අරාබි රටවලය. ඒවා මෙහි තිබීම අවශ්‍ය නොවේ. මේ නම් ඇති මේවා කවදත් අපහට කොරෝනා වැනිය.
ඕකත් අර චන්දෙට ඉස්සර නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ "මහා භයානක භුතයෙක්" හැටියට නේද පෙන්නුවේ? දැන් ඒවා ගැන එදා බෙරිහන් දුන්න දොස්තරලා, සමාජ ක්‍රියාකාරයෝ මොකද සද්ද නැත්තේ හුලන් බැහැලද ? ෂරියා නීතිය හරි මද්‍රසා හරි අඩුවයසෙන් විවාහ වෙන එක හරි අලුතෙන් සම්මත කරගත්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුල් කරලා නැහැ නේද ? ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ කලබලය අස්සේ යටින් නියම ගේමක් තමයි ගහල තියෙන්නේ.
පේනවනේ සර්ගේ වැඩ ඒක මෙඩිකල් ෆැකල්ටියක් කරන්න යන්නේ.
රජයට පවරා ගැනීමේ පළමු පියවර ජයවේවා!
අපි මේක ආණ්ඩුවට ගන්නයි හදන්නේ?
මේකත් අර මත්තල ගුවන් තොටුපල වගේ. බලෙන් අරගෙන ගිහින් දැම්මොත් හරි හදිසියකට පාවිච්චි කරන්න මිසක් මෙලෝ වැඩක් නෑ
ෂරියා විශ්වවිද්‍යාලය හැදුවේ ෂරියා නීතිය උගන්වන්නේ..?
මොවුන්ට මෙ ඉඩම් ලැබුණේ කොහොමද? දුන්නේ කවුද?