
(තුසිත කුමාර ද සිල්වා)
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල්කර තිබූ කාලය තුලදී බේරුවල මාලිගාහේන ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක 3000ක පිරිසක් වෙනුවෙන් සකස්කළ දානමය කටයුත්තක් බේරුවල පොලීසිය හා සෞඛ්‍ය අංශ එක්ව අද (29) නවතා දමා තිබේ.
මෙම දේවස්ථානයේ එළුවන් හා කුකුළන් විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය හා පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විටත් ඝාතනය කර එම දානය සකස් කරමින් සිට ඇති අතර සෞඛ්‍ය අංශ හා පොලීසියේ අවසරයක් නොමැතිව සිදු කිරීමට ගිය එම දානය නවතා දැමීමට කටයුතු කර තිබිණි.
එම දානය සංවිධානය කළ පිරිස වරදට සමාව ලබාගැනීම හේතුවෙන් දෙපාර්ශවයේ එකගතාවය මත අධිකරණ කටයුතුවලට යොමුනොකර එම පිරිස විසුරුවා යැවූ බව කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු මහතා මෙහිදී පැවසීය.
එම දානය සකස් කිරීමට පැමිණ සිටි අරක්කැමියන් 30දෙනාට දැඩි ලෙස අවවාද කර මුදාහැර ඇත.
මෙම දානමය කටයුත්ත සම්බන්ධයෙන් දේවස්ථාන පාලක අංශය ද සමාව අයැද සිටි බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සාමාන්‍ය නීතියකට හෝ නොසලකන, ගරු කරනු නොලබන මේ මිනිසුන් ඉල්ලන්නේ ෂරියා නීතිය. මෙවන් මිනිසුන්ගෙන් කුමන නිරෝධායනය ක් බලාපොරොත්තු වෙන්නද .. ?
අහිංසක මිනිසුන්ගේ බඩගින්න නිවන එක වරදක්ද? ජාතිය,ආගම,කුලය පොඩි මිනිසුන්ට විතරද
ලංකාවේ දුෂ්මන්ත වගේ අය ඉන්නකන් මෙවන් විපත් වලින් ගැලවිය නොහැක.
නවත්වපු එක හොඳයි.
ඕවට විරුද්දව අපි කතා කරන්නේ කලක් සිට එවිට පෙනෙන්නේ අපි ආගම්වාදීන් ලෙස .
දුෂ්මන්ත, නමින් ඉන්න කෙනාට කියන්නේ ඔයා කිව්ව දේ කරන නිසි ක්‍රමවේදයක් තියෙනවා.
රටක නීතියට නිල වශයෙන් අවනත නොවන ජන කොටසක්ය.
දුෂ්මන්තගේ නම් මොලේ කොලොප්පන් වගේ.. නිරෝධායන නීතිවල තියන දේවල්වත් දන්නේ නැද්ද? මේ ගොල්ලෝ අහුවුනාට පස්සේ සමාව ඉල්ලනවා. අහුවුනේ නැත්නම් දානයත් සමග කොරෝනාව බෙදනවා. මොලේ නැති හරක් !!!
අපරාදේ සුදානම් කරපු කෑම වලට මොකද උනේ ? ඒවත් විසි කරාද ?
ඉස්ලාමික දේවස්ථාන 3000ක් . රටෙ මුස්ලිම් ජනගහනය කීයද ඉන්නේ? ඒ වුණාට දේවස්ථාන හැමතැනම... මෙවා තමයි ගැටලුවකට මූලික වෙන්නේ. මෙයින් වෙන්නේ එක එක දේවස්ථාන අතර තරගයක් ඇතිවෙනවා. ධර්මයේ මූලික ඉගැන්වීම් වලින් බැහැරව, ජනතාව ආරක්ෂණය කරගන්න. මූලධර්මවාදී හෝ විකෘති ධර්මයන්... දේශනය කරන්න ගන්නවා. ජනගහනයට සාපේක්ෂව දේවස්ථාන සීමා කළ යුතුයි.
මේක ගිය සැරේ පාගමන් ගිය පුවත වගේ පුවතක්ද?