වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
මත්ද්‍රව්‍ය සොයා ගැනීම, අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු මත් රකුසාගෙන් ශ්‍රී ලාංකිකයන් ගලවාගැනීමේ රාජකාරිය බාරව සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ය. එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීහු 16 දෙනකු සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව සිටිති.