(දසුන් රාජපක්ෂ)
මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට මුදල් යෙදවූ කොලෝසස් පුද්ගලික සමාගම සිදුකළ නිෂ්පාදන සඳහා අවශ්‍ය තඹ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඊට ලබාදෙන ලෙස එවකට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ දේවිකා ලියනගේ මහත්මිය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත දැනුම් දී තිබුණු බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.රංජිත් අශෝක මහතා පැවසීය.
පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් කේ.ඩී.රංජිත් අශෝක මහතා එසේ අද (3) ප්‍රකාශ කළේය.
කොලෝසස් පුද්ගලික සමාගම පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් එකකි.
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත කොලෝසස් පෞද්ගලික සමාගමට අනෙකුත් ගැණුම්කරුවන්ට වඩා වැඩි තඹ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතාගේ අත්සන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ මහත්මියගේ අත්සන සහිත ලිපි දෙකක් මගින් එම දැනුම් දීම කර තිබුණු බව කේ.ඩි. රංජිත් අශෝක මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් සදහන් කළේය.
ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා 2018 ජුලි 6 වැනිදා එම ලිපිය එවා තිබු බවද, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ මහත්මිය 2018 පෙබරවාරි 5 දින අදාළ ලිපිය එවා තිබු බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ්ට අයත්වී තිබුණු කොලෝසස් පෞද්ගලික සමාගම ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී ක්‍රියා සිදුකිරිම සඳහා රුපියල් කෝටි 4 ½ යොදවා ඇත්තේ මීට ඉහත දී මෙම ජනාධිපති කොමිසමට ලැබුණු සාක්කි වලින් අනාවරණය වී තිබිණි. මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද (3) රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔය තඹ දෙන්න කිව්වේ ගෝඨා කියලා කිව්වා නම් ඉවරයිනේ..?
බදූර්දීන්ව අල්ලන්න හැදුවට..., වැඩේ කරලා තියෙන්නේ අපේ හිටන්ලගේ ගෝලයින් තමයි...
කොහොමත් පාස්කු ප්‍රහාරයත් එල්ල වුනේ රජය දැනුවත්ව නිසා තඹ දුන්නට මක් වෙනවද..?
100%ක්ම ශුවර් මේක දැන් ඉන්න ආණ්ඩුව සහ ඔහු වටේ ඉන්න අය මුස්ලිම් විරෝධීන් එකතුවෙලා කරපු වැඩක්... ආණ්ඩුව අතට ගන්න ලොකුම තුරුම්බුව දැම්මා, මුස්ලිම් මන්ත්රීලාට, මුස්ලිම් ජනතාවට ඔක්කෝටම ගහන්න කරපු ප්ලෑන් එකක්...
හිටපු ජනාධිපතිතුමා මේ සිද්ධිය පත්තරෙන් දැනගනීවි...
තඹ කොහොම වෙතත් බෙල්ලට දාගන්න හොඳ කඹනම් හම්බවේවි..!!!
ශාන්ත බණ්ඩාර, දේවිකා ලියනගේ කියන්නේ මුස්ලිම් දෙන්නෙක්ද? කවුද? කාටද? උදව් කරලා තියෙන්නේ?
තමන්ගෙ හිතවතුන්ට වාසි නොදුන් බලධාරියෙක් ඉන්නවා නම් කියන්න. අනෙක ප්‍රහාරයට ඔය තඹ පාවිච්චි කරලා තියෙනවද? කවුරු කිව්වත් තමන්ගේ පාලන සමයේ වැරදි සෙව්ව එකම නායකයා ඔහුයි.
දැන් මේක පත්තරෙන් දකින හිටන්තුමා මොනවද කියන්නේ බලමු...
මෙම නිලධාරීන්ට එරෙහිව ද පියවර ගැනීමට කාලයයි.