(හේමලතා ඩී හේවගේ)
ගිරිඋල්ල යකාබැඳි ඇල්ල ප්‍රදේශයෙන් මා ඔයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අද (03) දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
අද දහවල් 2.00 ට පමණ තරුණයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය පැවසීය.
දියේ ගිලී මරණයට පත්ව ඇත්තේ පන්නල ඉහළ කොටුවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 සහ 18 වයස් වල පසුවන තරුණයින් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.
මියගිය තරුණයින් දෙදෙනාගේ මෘතශරීර මේ වනවිට දඹදෙණිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කිව්වත්, ටීවී වල පෙන්නුවත් වැඩක් නැහැ අපේ මිනිස්සුන්ට...
රට වටේම ඉන්න අයගෙන් කීයෙන් කීදෙනෙකුට පීනන්න පුළුවන්ද? මේක ලියන මටත් බැහැ..