(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරීන් 83 දෙනා අතරින් 61 දෙනකුට වෙනත් විවිධ රාජකාරී සඳහා යොදවා ඇති බැවින් ඊට අදාළ වැටලීම් කටයුතු මේ වන විට අඩපණ වී ඇතැයි වාර්තා වේ.
දැනට මෙම අංශයේ නියාමකවරුන් 70 ක් ද, ජෙලර්වරුන් 5 ක් ද, කාන්තා නිලධාරීන් 8 ක් ද , සේවය කර බව පැවසේ.
එම නිලධාරීන් අතරින් 20 ක් බුස්සටද 6 ක් අගුණකොළපැලැස්සටද, අනුයුක්ත කර ඇති අතර ඉන් 10 දෙනෙක්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ආරක්ෂාව සඳහා වෙන්කර ඇති බවට එහි නිලධාරීහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන විදියට බන්ධනාගාර වැටලීම් අඩපණ වෙලා නං කවදාවත් අහපු නැති තරම් ජංගම දුරකථන, නීතිවිරෝධී ද්‍රව්‍ය සිරකුටිවලින් අහුවෙන්නේ සිරකරුවන් ස්වේච්ඡාවෙන්ම බාරදීලාද?
සමහරු හිටපු කාලේ වටලලා කරපු දේවල් අපි දැන් දන්නවනේ...
කොහොමද අඩපණ වෙන්නේ? අල්ලනවා ටිකක්... පස්සේ ඉදිරිපත් කරනවා. අනික වෙළඳපළට දූෂිත නිලධාරීන් ඔතන මුල්බැහැගෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මැඩපවත්වන්න බැරි වුණේ මෙම අය නිසා.. මේ අය වහාම ඉවත් කිරීමෙන්, අලුත් අය දැමීමෙන් යහපත් ප්‍රතිඵල ලැබේවි..
කුඩු ව්‍යාපාරිකයන්ට දුටු තැන වෙඩි තැබීමට ඡන්දයෙන් පසු නියෝග ලැබෙනවාමයි.