කුඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවත්වන ලද දේශනය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් එහි කලබලයක් ඇති විය.
නීතිපතිවරයාගේ දේශනයක් සඳහා පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අද කැඳවා තිබූ අතර එය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ටද දැනුම් දී තිබිණි.
නමුත් නීතිපතිවරයා එම ස්ථානයට පැමිණි පසු එම අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිස්පති කාර්යාලය තුළට යාම සඳහා පොලීසිය අවසර ලබා නොදු අතර එහිදී මාධ්‍යවේදීන් හා පොලීසිය අතර උණුසුම් තත්වයක් හටගත්තේය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ලැජ්ජා ඇති නාකොටික් එකේ පොලිසියේ 12ක්ව අහුවුණු නිසා... ඔවුන් සියළු දෙනාගේ දේපල රාජසන්තක කළ යුතුයි.
හැබෑටම මොකක්ද මේ පොලීසියට හැදිලා තියෙන කුලප්පුව.. මෙසේ මාධ්‍යවේදීන්ට යන්නට නොදුන්නේ කුඩු විකුණු දූෂිත පොලිස් නිලධාරීන්ගෙන් සිදුවූ අවමානය වසා ගැනීමට වත්ද? නීතිපතිවරයාගේ දේශනය නිසා දූෂිතයන්ගේ සැබෑ නිරුවත පෙනේවි යැයි සිතාවත්ද..? ජනපතිතුමනි, මේ ඔබතුමාගේ විශේෂ අවධානය පිණිසයි..
තොරතුරු දැනගැනීමේ අයිතිය සනාථ කරන පනතක් මේ රටේ ක්‍රියාත්මක වෙන නිසා මේ ජනමාධ්‍යවේදීන්ට සහ තොරතුරු දැනගැනීමට අවශ්‍ය ජනතාවට මේ කළ වාරණය ඒ නීතියට පටහැනි නොවන්නේද?
නීතිපතිවරයා පොලිසියට දෙහිකපන කොට පත්තරේ වැටෙයි කියලා බයට වෙන්න ඇති...