(ඉන්දිකා රාමනායක)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිහිටා ඇති නඩු භාණ්ඩ ගබඩාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රා තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (03) පැවසීය.
සැකකාර පොලිස් නිලධාරීන් මෙම නඩු භාණ්ඩ ගබඩාවෙන් පිටකර වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති ද යන්න සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙලෙස මුද්‍රා තබා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
දැනට සිදුකළ පරීක්ෂණ අනුව සැකකාර පොලිස් නිලධාරීන් නඩු භාණ්ඩ ගබඩාවෙන් පිටකර ඇති බවට හෙළි වී නොමැති බවත් තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අපක්ෂපාතීව හා විනිවිධභාවයෙන් යුතුව සිදුකිරීම සඳහා පොලිස්පතිවරයා විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා අධ්යක්ෂවරයාට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියේය.
මෙම සිද්ධියට අදාල නිලධාරීන්ට වගවීමක් අතරම මෙම පරීක්ෂණ වලට මෙම නිලධාරීන්ගේ අල්ප හෝ බලපෑමක් ඇති විය හැකි බවට සැකකයක් ඇති නම් එම සැකය දුරුකිරීම සඳහා මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වැසීම පිළිබඳව කදිම උදාහරණයක්...
අලෙවි කරනවට වඩා කරන්නේ කුඩුවලට හරි මත් පෙති වලට ඇබ්බැහි වූ තරුණයින්ගේ සාක්කුවල තිබුණයි කියා නඩු දමා කොලේ වසා විරයින් වීම. කුඩු විකුණන, කුඩු ගෙන්වන අය සත්ගුණවත් කිරීම... එයින් ලැබෙන සන්තෝසමෙන් උජාරුවට තම දරුවන්ට කන්න බොන්න දීම මම පුද්ගලිකවම මත්කුඩු වලට ඇබ්බැහි වූ දරුවන්...
අශ්වයා දැනටමත් පැනලා ගිහින් නේද?
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවා.
පහුගිය යහපාලන රජය කාලේ බැංකු හොරාකෑවා, වරාය සහ එයාර්පෝර්ට් විකුණා විකුණා හොරා කෑවා, වවිනිසුරුතුමන්ලා හොර කතාබහ කරා, CID ලොක්කා මුස්ලිම් අන්තවාදීන්ගෙන් ජරාව කාලා අපරාධ ෆයිල් යට ගැහුවා, MCC අත්සන් කරලා ලැබිච්ච සල්ලි රතු සහ කොළ හොරු එකතුව හොරා කෑවා, අන්තිමට කුඩු රජවරුන්ගෙන් අල්ලපු කුඩු ටිකත් පොලිසියේ අයම හොරාකෑවා. කොටින්ම අපිට "යහපාලනය" කියන වචනේ ඇහෙද්දීත් මල පනින්න ගත්තා. ඒත් උඩ ඉන්න දෙවියෝ අන්තිම මොහොතේ දෙවියෙක් වගේ පාලකයෙක් පහළකරලා රට සහ ජනතාව බේරාගත්තා.
හිස් ගබඩාව වෙන්ටැති...
ඇයි මේ මත්ද්‍රවය විනාශ නොකරන්නේ.?
දැන් බලනකොට ඉතිරිවෙලා තියෙන ඒවා කලවම් කරපු ඒවාද දන්නේ නැහැ.
අඩුම තරමේ දුම්කොල කෑල්ලක්වත් ඔය ගබඩාවේ දැන් නැතිව ඇති. උදේට පොලිස් ජීප් එකෙන් ගෙනත් දානවා. ඒ අයම හයරින් වාහනයක් අරගෙන ඇවිත් හවසට අරගෙන ගිහිල්ලා විකුණනවා. දැන් අශ්වයා පැනලා ගිහිල්ලා ස්තාලෙට තඩි ඉබ්බෙක් දමලා ගෝනියකිනුත් ඔතලා....
එතකොට දැන් කට්ටයව එළියට දාන්නද දැන් සැලසුම් කරන්නේ..? කොහොමත් ඡන්ද ටික නැතිකරගන්න දෙගොල්ලොම ඉඩතියන්නේ නැහැ කියලා අපි මතක තියා ගන්න ඕනෑ. මෙතැන තියෙන්නේ රට ගොඩගන්න සටනක් නොවේ... බලය අතට ගන්න සටනක් විතරයි කියලා සිහියේ තියාගෙන මනාපේ දෙන්න.