(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය තලවකැලේ ප්රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක් අද (3) පස්වරු 5 ට පමණ ගිලා බැස ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
නාවලපිටිය රෝහල ඉදිරිපිට වෙළදසැලකට ලොරි රථයකින් රැගෙන එන ලද තිරිගු පිටි බාමින් සිටින අතරතුර ලොරි රථයේ පසුපස රෝදය එකවරම ගිලා බැසිමත් සමග ලොරි රථය එක් පැත්තකට ඇල වි ඇත.
නාවලපිටිය නගරයට ප්රධාන මාර්ගයට යටින් පානීය ජලය බෙදාහරින ජල නලයක් එලා තිබු කොටසක් මෙසේ ගිලා බැස තිබේ.
ලොරි රථය කොටසක් ගිලා බැසීමත් සමග ජල නලයට ද හානි සිදු වි ඇති ජලය ප්රධාන මාර්ගය හරහා කාන්දු විමත් සමඟ නාවලපිටියට පානීය ජලය බෙදා හැරිම ද නතර වී ඇත.
ගිලා බැස ඇති ලොරි රථය ඉවත් කිරිමෙන් පසුව හානි සිදු වු ජල නලය අලුත්වැඩියා කිරිමේ කටයුතු ආරම්භ කරන බව නාවලපිටිය ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියකු පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවාසනාවන්ත තත්ත්වය දිවයින පුරාම දැකිය හැකි දෙයක්. පාරවල් සාදා නිමකළ පසු ජලසම්පාදන මණ්ඩලය කිසිඳු ඉවක් බවක් නොමැතිව පාරවල් හාරනු පෙනේ. එසේ වුවද, ඒවා හරිහැටි නොවැසීම නිසා මෙසේ මාර්ග අබලන් වී නොයෙකුත් අනතුරු සිදුවෙයි. විශේෂයෙන්ම මේ ජල සම්පාදන අංශ, මහාමාර්ග අංශ සමග සාකච්ඡා කොට තම කටයුතු කරන්නේ නම් මෙවැනි අනතුරු වළක්වා ගත හැකිය. එහෙත්, අවාසනාවකට සිදු නොවන්නේ එයමයි..
මහින්දානන්ද කියන බොරුවලට මෙහෙම නොවුණොත් තමයි පුදුමේ... කට ඇරියොත් කාටහරි අපහාස... නැතිනම් බොරු...
නාවලපිටිය චණ්ඩියත් ළඟදිම ගිලා බසී.
මහින්දානන්දගේ කෙබරවලට වෙන්නැති මෙහෙම වෙන්නැත්තේ.. විරුවාගේ තවත් ප්රොජෙක්ට් එකක් ගන්න වගේ..
ජල සම්පාදන අංශ, මහාමාර්ග අංශ හෝ විදුලිබල අංශ සමග සාකච්ඡා කොට සම්බන්ධීකරනව වැඩ කල නොහැක. මේ රටේ නම ශ්රී ලංකාව.
ඇහෙන බොරු වලට නගරෙම ගිලා බසී ද දන්නෙ නෑ
ඔය පැත්තෙන් ඇහෙන බොරු වලට නගරෙම ගිලා බසී ද දන්නෙ නෑ
මහින්දානන්දගේ කෙරුවාව තමයි.
ඔය පැත්තේ ඉන්න දේශපාලුවෙක් මේ දවස්වල කියන බොරුවලට.., පුදුමයි පාර විතරක් ගිලා බැහැලා ඉතුරු වෙන එක...
මහින්දානන්දගේ බොරුවලට නාවලපිටියේ පොළව පැලෙනවා.
ඔය පෙන්නේ පෙර මඟ ලකුණු.