( ජයන්ත සමරකෝන් )
වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් වාට්ටුවේ ජී 3 සිර මැදිරියේ මරණ දඩුවම් විදින සිව් දෙනකුගෙන් යුත් 96 දරණ සිර කුටියේ පොළොව යට වළලා තිබූ ජංගම දුරකතන තුනක් හා මත්කුඩු මිලි ග්‍රෑම් 400 ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර බුද්ධි අංශය පවසයි.
බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත උදේ සහ සවස අවස්ථා දෙකකදි මෙම මෙහෙයුම සිදු කර ඇතැයි පැවසේ
අත්අඩංගුවට ගත් තහනම් ද්‍රව්‍ය හා උපකරණ පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යටතට ගෙන ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම නියම වූ දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා තිබෙන සිරමැදිරියේ ජංගම දුරකථන තිබුණේ කෙසේද? ඒවා සිරගෙදර ඇතුළට ආවේ කෙසේද? මෙයට අනිවාර්යයෙන්ම බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධ බව පෙනේ. එමෙන්ම පොළොව හාරා මේවා වලලන තුරු බන්ධනාගාර නිලධාරීන් සිටියේ නින්දේද?... මොවුන් කෙරෙහි තවදුරටත් විශ්වාසය නොතබා දැඩි පරීක්ෂාකිරීම් වලට ලක්කල යුතුයි.
මරණ දඬුවම ලැබෙන්න ඉස්සර, අපායට ගෙනියන්න වෙන්නැති ඔය ජංගම දුරකථන වළලා තියෙන්නේ.. භාණ්ඩාගාරයේ ඉන්න රජයේ දොරටුපාලකයෝත් එක්ක අපායට යවන්න ඕනෑ... ආයෙමත් බන්ධනාගාර කැරැල්ලක් ආවානම් හොඳයි.. එතකොට ඕවා හරියයි. දෙතුන්දෙනෙක් ගියාම...