(විනීතා එම් ගමගේ)
වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ රජයට අයත් කුඩා වනාන්තර පිළිබඳ බලය එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර දිසා ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙන් කැලෑ ඉඩම් විශාල ප්‍රමාණයක් විනාශ වී යාහැකි යැයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.
වන වැස්ම අඩුවීමට, ජල මූලාශ්‍ර වියලී යාමට මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික සතුන් හා ශාඛ විශාල ප්‍රමාණයක් විනාශ වී යාමට ද මෙම තිරණය හේතු විය හැකි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පෙන්වා දී තිබේ.
දශක ගණනාවක් තිස්සේ ප්‍රාදේශිය ලේකම්වරුන් ෂතුව තිබු මෙම බලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද්දේ විශාල වශයෙන් දේශපාලඥයින් බලපෑම් කර වනාන්තර ඉඩම් තම හිතවතුන්ට සහ විවිධ පුද්ලයන්ට ලබා දෙමින් කරන ලද වන විනාශය හා ඉඩම් මංකොල්ලය නිසා යැයි ද මහා විනාශයකට පාර කපන මෙම තීරණය ඉවත් කරගන්නැයි කැබිනට් මණ්ඩලයට දන්වන්නැයි ද එම ලිපිය මගින් ඉල්ලීමක් කර ඇත.
ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දීමට රජයට අවශ්‍ය නම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ඒ සඳහා යොදා ගත හැකි යැයි පෙන්වා දෙන රත්නායක මහතා දැනට පවතින 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීම මගින් වනාන්තර සුරක්ෂිත කිරීමට ඇති නීතිය දුර්වල කිරීමක් සිදුව ඇතැයි ද පෙන්වා දෙයි.
මේ තත්ත්වය යටතේ ඉමහත් විනාශයකට පාර කපන මෙකී චක්‍රලේඛ්‍ය අහෝසි කරන්නැයි ඉල්ලා සිටින බවත් එම චක්‍රලේඛය අහෝසි කළ හොත් සිදුවන පාරිසරික බලපෑම ගැන අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙසත් හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එම චක්‍රලේඛය අහෝසි කිරීමේ තීරණයක් ගත යුතුම නම් එය ගතයුත්තේ මෙවැනි මැතිවරණ කාල සීමාවක දී නොව ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කිරීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුවක් පිහිටුවීමෙන් පසුව යැයි ද එයින් පෙන්වා දී තිබේ.
එමෙන්ම මෙම කටයුත්ත හදිසි ජාතික අවශ්‍යතාවයක් නොවන බැවින් හා එමගින් අතිවිශාල පාරිසරික හානියක් විය හැකි බැවිනුත් මේ චක්‍රලේඛය අහෝසි කිරීම නවත්වන ලෙස එම ලිපිය මගින් ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත, මේ වගේ තීරණ ගැනීම අදාළ දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යගත බලධාරිත්වයට හෝ පමණක්ම තිබිය යුතුයි. දිසාපති හෝ උප දිසාපති හො යන අයට ප්‍රාදේශීය දේශපාලන පලපෑම්වලින් මිදී කටයුතු කරන්න අපහසුයි...
ඔව්, ඔව්.. ඒ අය සතේකට විශ්වාස නැහැ.. ඔවුන් ගස්ටික කපලා විකුණාගෙනකාවි... ඒ තරමට එපාකරපු ජාතියක්...
JVP යනු ජාතියක්, ජන්මයක්, ආගමක් නැති, රෑට රෑට ඇවිත් බත් මුට්ටි උස්සන් යන, අනුන්ගෙන් ඉල්ලන් ඇඳුම් අඳින හිගන්නන් ඉන්න, පිනට කොන්ඩෙයි, රැවුලයි කපාගන්න තරම් වත් සතේ අතේ නැති, එහෙත් අනුන්ගේ දියුණුවට පුලුවන් තරම් ඊරිසියා කරන, දියුණු වෙන තව එකෙක් බිමට වට්ටවන්න පුලුවන් තරම් කුරුමානම් අල්ලන, 88/89 කාලෙදි අනුන්ගේ හැඳුනුම් පත් එකතු කරපු අය ඉන්න, බස් කර්මාන්තශාලා, කෝච්චි ගොඩනැගිලි ගිනිතියපු අය ඉන්න, දහස් ගණන් මිනිස්සු මරපු කාලකන්නි ඉන්න මේ රටට එපාම කරපු පක්ෂයක් වුණාම එහෙම පක්ෂයක වාචාලයෙක් දොඩවන එ්වා කව්ද ගණන් ගන්නේ..?