(විනීතා එම් ගමගේ)
මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණ නිසා මෙරට පරිසර දූෂණය වැඩිවන්නටත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය වැඩිවන්නටත් හැකියාව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් කරමින් අද (3) කියා සිටියේය.
මැතිවරණ පනතේ නැතත් මැතිවරණ කාර්යාලවල අංකය හා සංකේතය ප්‍රදර්ශනය කිරීමට මෙතෙක් දී තිබු අවසරය කොමිසම විසින් මෙවර මහ මැතිවරණයේ දී ඉවත් කරගෙන තිබීම මෙම තත්ත්වය උදාවීමට හේතුව යැයි ඔහු පෙන්වා දුන්නේය.
1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 74 වගන්තිය අනුව නම් අපේක්ෂකයකුට තමන්ගේ නම සළකුණ අංකය ප්‍රදර්ශනය කළ හැක්කේ තම වාහනයේ සහ රැස්වීම් පවත්වන රැස්වීම් භූමියේ පමණක් බවත් මෙයින් සිදුවිය හැකි පරිසර දූෂණය නිසා මැතිවරණ කොමිසම හා සියලු දේශපාලන පක්ෂවල එකඟතාව මත ලියාපදිංචි මැතිවරණ කාර්යාලවල අංක හා සංකේත ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂකයන්ට අවසර ලබා දී තිබු බවත් හෙතෙම සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
දිගු කාලයක් තිස්සේ කරගෙන මෙම ක්‍රමය ආ නමුත් දේශපාලන පක්ෂවල එකඟතාව ලබානොගෙනම මැතිවරණ කොමිසමේ තීරණය මත ලියාපදිංචි කළ මැතිවරණ කාර්යාලවල සංකේත හා අංක ප්‍රදර්ශනයට ඉඩ ලබා නොදෙන්නට දඩබ්බර තීරණයක් ගෙන ඇතැයි පෙන්වා දුන් ගම්මන්පිල මහතා මේ නිසා අපේක්ෂඛයින් හත් දහස් ගණනක් සීමිත තාප්ප ප්‍රමාණයක පෝස්ටර් ඇලවිමට ගොස් ගැටුම් ඇති කරගන්නට හැකියාව ඇතැයි ද පෙන්වා දුන්නේය.
තාප්පවල බිතු සිතුවම් ඇඳි තරුණ පිරිසට පෝස්ටර් කරුවන්ගෙන් තාප්ප බේරාගන්න සිදුවිම නිසා ඔවුන් හා අපේක්ෂකයන් අතර ද ගැටුම් ඇතිවිය හැකි යැයි ගම්මන්පිල මහතා කීය.
ප්‍රචණ්ඩත්වය හා පරිසර දූෂණය දිරිමත් කිරීමක් මෙම තීරණයෙන් ඇතිවන නිසා මේ තීන්දුව ගැන සළකා බලා පරිසර හිතකාමි සෞඛ්‍ය සුරකින පරණ ක්‍රමයට නැවතයන්නැයි හෙතෙම මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ.. තමන්ලා රටට ජනතාවට හොඳ යමක් කළා නම් ජනතාව කෙළෙහිගුණ දක්වයි. ඒකට පෝස්ටර් ගහන්න ඕනෑ නෑ. පෝස්ටර් ගහලා තාප්ප ටික ආයෙත් විනාශ කරලා දාන්නේ නැතුව ඔයාලගේ ඡන්ද වැඩ කරගන්න...
මේ වගේ සෙට් එකක් වටකරගෙන හිටපු නිසා තමයි මහින්ද මහත්තයාට ගියපාර ගෙදර යන්න වුණේ..
මම පෝස්ටරයක් දකින්න නැති කෙනෙක්ගේ නමක් බලලා කතිරේ ගහනවා.
මුනත් තහඩුව තියෙන පෝස්ටරය ගැහුවොත්නම් කවුරුත් ඡන්දේ දෙන්නේ නැහැ.
හොඳට කලා. තීරණය වෙනස් නොකරන්න.
මේ අර ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩ්රික් කියලා අයකු සමඟ හවුල් ව්‍යාපාරයක් අරඹා ඔහුගේ දැනුවත් භාවයකින් තොරව එහි මුදල් ඔහුගේ දැනුවත් භාවයකින් තොරව ව්‍යාජ අත්සන් යොදා වංචා කළබවට අධිකරණයක් ඉදිරියේ චෝදනාවකට ළංව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නේද?.