ලංකාපුර 90ක් ස්වයං නිරෝධායනයේ
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අලුතින්ම හමුවූ කොරෝනා රෝගියාගේ ආශ්‍රිතයින් ලෙස පවුල් 19කට අයත් පුද්ගලයන් 90 දෙනෙකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද(03) පැවැසීය.