ජංගම එක්ස් කිරණ යන්ත්‍ර මේ හදිසියේ ඕන නෑ කොරෝනා රෝගය මර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ලෙස ජංගම X-Ray යන්ත්‍ර මිලදී ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පිටපත් සහිතව සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ. 18 April 2020
නිධන් හෑරූ භික්ෂූන්වහන්සේ නමක් ඇතුළු 4ක් අත්අඩංගුවට අහංගම නාකන්ද ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හාරමින් සිටි බව කියන භික්ෂුන්වහන්සේ නමක් ඇතුළු සිව්දෙනෙකු අද (18) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 18 April 2020
ඇඳිරිය කැඩූ 1392ක් අත්අඩංගුවට ගෙවුනු පැය 24 තුල අද පස්වරු 6.00 දක්වා ඇදිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1392 අත්අඩංගුවට ගෙන වාහන 381 පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 18 April 2020
බස්නාහිරින් පිටතට ඇඳිරිය ලිහිල් කරයි කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර ඇත. 18 April 2020
ව්‍යාජ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා නිරෝධායනයට ස්වයං නිරෝධායනයට යොමුවි සිටි කාන්තාවකගේ නිවසට ගොස් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පෙනි සිටි සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට නියෝග කර සැකකරු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ අධික්ෂණය යටතේ දින 21ක් පෝද්දල තම නිවසේ නිරෝධායනය විය යුතු බවටද බද්දේගම මහේස්ත්‍රාත්වරයා අද (18) නියම කළේය. 18 April 2020
බුද්ධි නිලධාරීන් යැයි කියමින් වාහන පරීක්ෂා කළ 2 ක් පොලිස් දැලේ බුද්ධි අංශ නිලධාරීන් යැයි කියමින් මීගහතැන්න ගොරකා දූව පහේ කනුව ප්‍රදේශයේ දී වාහන පරීක්ෂාවේ යෙදී සිටි යුද හමුදා සෙබලෙකු හා තවත් පුද්ගලයෙකු අද (18) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පැවසීය. 18 April 2020
දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය හෙට සිට දිනපතා පැය 12 ක් විවෘතව තැබීමට යයි පසුගියදා දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට( 19 ) දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා විවෘත තැබීමට තීරණය කර තිබේ. 18 April 2020
පුත්තලමේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පිරිසකගේ ජෛව පටල සාම්පල පරීක්ෂාවට පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය සිදුවෙමින් සිටින පිරිසගේ ජෛව පටල සාම්පල ලබා ගැනීමඅද (18) දින පුත්තලම මූලික රෝහල් කාර්ය මණ්ඩලය මගින් සිදු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පවසයි. 18 April 2020
තලාතුඔය විහාරස්ථානයක හිමි නමකට නාඳුනන අයෙක් පහරදීලා මහනුවර තලාතුඔය වෙලේගම්මැද්ද ශ්‍රී බෝධිමාලකාරාම විහාරයේ විහාරවාසි මතුරට ඉන්ද්‍රසාර හිමියන්ට අද විහාරයට පැමිණ පුද්ගලයෙකු අමානුෂික අන්දමට එල්ල කළ පහරදීම් වලින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. 18 April 2020
කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට කොරෝනා අසාදිත තවත් රෝගීන් සිව් දෙනකු අද (18) සොයාගෙන ඇතැයි සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 18 April 2020
මධ්‍යම තැපැල් හුවමාරුව විෂබීජ හරණය කරයි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් අද (18) විෂබීජ හරණය කළේය. 18 April 2020
ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයි ඉන්දියාවේ බටහිර , මුම්බායි නගරයේ නාවික හමුදා කඳවුරක කොරෝනා වයිරසය පැතිර යන බව ඉන්දීය ආරක්ෂක නිලධාරීන් වාර්තා කර තිබේ. 18 April 2020
සහනාධාර මුදල් දෙන්න ගිය සමෘද්ධි නිලධාරියාට පහර දෙයි කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය මගින් ලබාදෙන රුපියල් 5000.00 දීමනාව සහ එළවළු බීජ ඇට ලබාදී නැවත යතුරුපැදියෙන් පැමිණෙමින් සිටි කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජකාරියෙහි යෙදී සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට ප්‍රතිලාභි යකුගේ සොහොයුරකු පල්ලෙගම ,කුඩගලහේන මංසන්ධියේ දී මුගුරකින් පහරදීම හේතුවෙන් ඔහු අද (18) ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දෙනියාය පොලිසිය කියයි. 18 April 2020
ප්‍රංශයේ කොරෝනා මරණ 18000 පනී නිල සංඛ්‍යා දත්තවලට අනුව ප්‍රංශයේ කොරෝනා මරණ ගණන 18,000 ඉක්මවා ගොස් ඇත. 18 April 2020
ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි ’කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 150,000 ඉක්මවා ගොස් ඇත. 18 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 244 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 17 April 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු ලෙස පෙනී සිට නිරෝධායන නිවෙස්වලට ගිය අයෙක් අත්අඩංගුවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු ලෙස පෙනි සිටිමින් ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිවාස පහකට ගොස් උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බැව් වදුරඹ පොලිසිය පවසයි. 17 April 2020
කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ බව ජර්මනිය කියයි ජර්මනිය තුළ කොරෝනා වෛරසය පැතිරීම මේ වන විට පාලනය කර ඇති බවත් එය කළමනාකරණය කළ හැකි මට්ටමට පත්කර ගෙන ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පෑන් මහතා පවසයි. 17 April 2020
කොරෝනා ලොව පුරා රටවල් 214කට ව්‍යාප්ත වෙයි චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉකුත් 15 වැනිදා වනවිට රටවල් 214කට ව්‍යාප්ත වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. 17 April 2020
තවත් චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා වෛද්‍ය ආධාර තොගයක් රැගෙන චීනයේ සිට ගුවන් යානයක් අද (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 17 April 2020
ඇදිරිය කැඩු 343 ක් අත්අඩංගුවට ගෙවුණු පැය 6 තුළ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 343 සහ වාහන 122 අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 17 April 2020
පුත්තලමට එන යන වාහන නාත්තන්ඩිය ප්‍රා. සභාව විෂබීජහරණය කරයි පුත්තලම දිස්ත්‍රික්කයට ඇතුල්වන හා පිටවන සියලුම වාහන ස්ථාන දෙකකදී විෂබිජහරණය කිරිමට නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව අද (17 ) ආරම්භ කර තිබේ. 17 April 2020
ඉකුත් 24 පැයේ ඇමෙරිකාවේ කොරෝනා මරණ 4500 ක් බ්‍රහස්පතින්දා (17) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 4,500කට ආසන්න පිරිසක් මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 17 April 2020
චීනයේ ආර්ථික වර්ධන වේගය පහළට ලොව දෙවැනි විශාලම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධන වේගය අඩ සියවසකට පසු පළමු වරට මේ වසරේ මුල් මාස තුනේදී දී පහළ වැටී ඇත. 17 April 2020
කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ කත ලක්ෂ 5 ශරීර ඇපයක් මත මුදා හරියි කොරෝනා වයිරස නිවාරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකාරියක් රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය. 17 April 2020
කල් ඉකුත් වූ රියදුරු බල පත්‍ර කොරෝනා අවසන් වන තුරු වලංගුයි කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර වලංගු කාලසීමාව කොරෝනා වයිරස් තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 17 April 2020
කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද ( 17) හමු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 17 April 2020
අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වු රට ඉන්දුනිසීයාව වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් සිටින අග්නිදිග ආසියානු රට බවට ඉන්දුනීසියාව පත්ව ඇත. 17 April 2020
නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් ගොවිතැනට ලබා දෙයි නාගරික සංවර්ධන අධිකාරිය සතු මාදිවෙල ප්‍රදේශයේ පිහිටි අක්කර 34 ක ඉඩමක් ගොවිතැන් සදහා ලබා දීමට එම අධිකාරිය පියවර ගෙන ඇත. 17 April 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප්‍රිකානු මහද්වීපයට අනතුරු ඇඟවීමක් මාස තුනත් හයත් අතර කාලයක් ඇතුළත අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 100 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 17 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026