(හර්ෂණ තුෂාර සිල්වා)
ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආගමික විශ්වාසවලට සහ සංස්කෘතික සම්ප්‍රදායවලට ගරු කරන්නැයි ශ්‍රී ලංකාවට බල කර සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
එසේ කිරීම තුළින් ජනතාවට සිය විශ්වාසවලට අනුකූලව ඔවුන්ගේ ආදරණීයන්ට නිසි පරිදි සමුදීමට අවස්ථාව උදා වනු ඇතැයි ද ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
‘කොවිඩ්-19’ ඛේදවාචකය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි වී ඇතැයි ද එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.
එම ට්විටර් පණිවුඩය නිකුත් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය සැලකිල්ල සහ මහත් ඕනෑකම ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවත් ශ්‍රී ලංකාවේ බහුවිධ ප්‍රජාවල සම්ප්‍රදායවලට ගරැ කරන්නැයි බල කර සිටින බවත් ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව ‘කොවිඩ්-19’ ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කළ හැකි බව ද එම සංවිධානයේ මාර්ගෝපදේශ උපුටා දක්වමින් තානාපතිනිය තවදුරටත් සඳහන් කර ඇත.
මේ අතර ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අනුකූලව ඔවුන්ගේ ඇදහිලි පිළිපැදීම සඳහා අවසර දීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය සඳහා ගරැ කළ යුතු වේ යැයි මෙරට ඇමෙරිකානු තානාපතිනිය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ රටේ කෝවිඩ් පාලනය ගැන බලා ගත්තොත් මීට නරකද? අපේ වැඩ අපි බලාගන්නම්...
එයාලා කියනවා අපි කරන්න ගියොත් ලංකාවේ ඉන්න අයගේ තරම අඩුවෙනවනේ...
ඔය බහුවිධ සංස්කෘතිවලට ගරු කරන්න කලින් ලොකු කුඩා ප්‍රබල දුබල හැම රටකම අනන්‍යතාවයට ගරු කරන්න පුරුදු වෙලා ඉන්න.
ඇමෙරිකාවේ කවුද අපිට බලපෑම් කරන්න. අපි 30 අවුරුදු යුද්ධයක් කරලා දින්නා. ඇමෙරිකාව වැඩක් බලාගෙන පරිස්සමෙන් ඉන්න.
අපේ අය කවුරුවත් මේවට කතා නැහැ.
ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් වන අතර ඇමෙරිකාව තරම් විශාල නැත. ශ්‍රී ලංකාව පොළවේ සිට අඩි 4. 5 ගැඹුර කපන කොට ජලය මතුවෙනවා. ඒ සමග වෛරසය භූගත ජලයට වෛරසය මිශ්‍රවීමට ඉතා ඉක්මණින් විය හැකියි. ඇමරිකාව වගේ මුඩුබිම් ශ්‍රී ලංකාවේ නැත. ඇමරිකාවේ සීඝ්‍රයෙන් මේ වෛරසය පැතිරීමද මෙයට එක් කරුණක් විය හැක. ශ්‍රී ලංකාවේ රජය මෙය පාලනය කරන බැවින්..., ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ඇමරිකාව යුතුකමක් නොවේ.
ඒත් ඉතින් යන්න හිත දෙන්නේ නැහැනේ...