(ටෝනි කරුණානායක )
කොවිඩි 19 ආසාදිතයෙකු හදුනා ගැනිමෙන් අනතුරුව මිනුවන්ගොඩ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර රන්දෙණිය මහතා අද (31) පැවසීය.
එම බැංකුවේ සේවය කරන කම්කරු සේවිකාවක් ආසාදිතයෙකු බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම බැංකුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවත් එහි සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනයට යොමු කළ බව පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අනුර රන්දෙණිය මහතා සඳහන් කළේය.
නිරෝධායනයට යොමු කළ එම සේවක සේවිකාවන් සම්බන්ධයෙන් ඔවුන් පදිංචි ප්‍රදේශවල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් දැනුවත් කර පී.සී.ආර් පරික්ෂණ සිදු කරනු ලබන බවත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd