‘ගැමුණුපුර අබා’ ඇතුළු 7ක් අතුරුගිරියෙන් අල්ලයි අතුරුගිරිය පොලිස් වසම තුළ කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ සහ හෙරොයින් සහ ගංජා විකිණීමේ නිතරව සිටි සැකකරුවන් 7දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 27 July 2020
ප්‍රකාශයක් දෙන්න රවී සීඅයිඩියට හිටපු ඇමැති රවී කරුණානායක මහතා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. 27 July 2020
බදියුදීන් වව්නියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද(27) උදෑසන වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ශාඛාවට පැමිණියේය. 27 July 2020
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 532 ක් ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (27) නව කොරෝනා වයිරස ආසාදිතයෝ 532 ක් හමුවූහ. 27 July 2020
මරණ දඬුවම් නියම වී සිටින ජාවාරම්කරුවන් තිදෙනකු විශේෂ තනි සිරකුටි වලට බූස්ස විශේෂිත බන්ධනාගාරයේ රඳවා සිටි පොට්ට නවුෆර් , සියාම් සහ කැමිලස් පිල්ලේ යන මරණ දඩුවම නියම වී සිටින සිරකරුවන් තිදෙනා සහ ගෞතම් නැමැති සැකකරු වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ ගණයේ සිරකුටිවල රඳවා තැබීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 27 July 2020
නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ රාමඤ්ඤ නිකායේ අනුනායක පදවියට මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියට පත් කිරීමට රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව තීරණය කර ඇත. 27 July 2020
කොරෝනා නිසා ආණ්ඩු කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටිලා ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ජනතාව ආණ්ඩු කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටී ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත. 27 July 2020
තවත් ආසාදිතයින් 5 ක් හඳුනාගනී කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) දිනයේ හඳුනාගත් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 7 ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 26 July 2020
බැංගලෝරයේ වයිරස ආසාදිත 3,000ක් අතුරුදන් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගත් 3,000කට වැඩි පිරිසක් පිළිබඳ තොරතුරු සොයාගැනීමට නොහැකි වී ඇතැයි බැංගලෝරයේ බලධාරීහු කියති. 26 July 2020
සිරකුටි අසළ වළලා තිබූ දුරකථන 35 ක් සොයාගනී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටි කිහිපයක් අසල භුමියේ වලදමා තිබූ ජංගම දුරකථන 35 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 July 2020
බන්ධනාගාර නියාමක - කංජිපානි ඉම්රාන් සමීප සබඳතා සොයයි බූස්ස බන්ධනාගාරයේ නියාමකවරයෙකු එහි රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇද්ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 26 July 2020
‘‘වතුකරයේ හැමෝටම නිවාස දෙනවා‘‘ වතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 26 July 2020
‘වැඩිම මනාපයෙන් මම දිනනවා’ අගෝස්තු මාසයේ 5 වෙනිදා ජන්ද ප්‍රතිඵලය දැන්ම කියන බව පැවැසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන්ද 150,000කට එහා ලබාගෙන වැඩිම මනාපයෙන් තමන් ජයග්‍රහණය කරන බව අද(26) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 26 July 2020
ශරීර අභ්‍යන්තරයේ හෙරොයින් රැගෙන ආ පුද්ගලයකු අල්ලයි කොළඹ සිට පොලොන්නරුවට කලක පටන් ශරීර අභ්‍යන්තරයේ සඟවාගෙන හෙරොයින් රැගෙන එන පුද්ගලයකු අද (26) හෙරොයින් පැකට් 22ක් සමඟ පොලොන්නරුව නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 26 July 2020
යතුරුපැදි තරගයක් පැවැත් වූ 36 දෙනාට ඇප පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 36 දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය. 26 July 2020
තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගනී කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද(26) දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 26 July 2020
යතුරුපැදි - වාහනවල ව්‍යාජ ඇන්ජින් අංක වාත්තු කරන ගරාජයක් අල්ලයි යතුරුපැදි ඇතුළු වාහනවල, ව්‍යාජ චැසි අංක සහ ඇන්ජින් අංක වාත්තු කරන ගරාජයක් අලවතුගොඩ පොලිසිය අද (26 ) වටලා තිබේ. 26 July 2020
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ගැන සීඅයිඩියෙන් විමර්ශනයක් යහපාලන ආණ්ඩුව සමයේ දී මතභේදයට තුඩු දුන් හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. 26 July 2020
යතුරු පැදියක දෙපස අංක වෙනස් කරලා එකම යතුරුපැදියේ දෙපස වෙනස් අංක තහඩූ දෙකක් සවිකර මර්ගයේ ගමන් කරමින් සිටි තරුණයෙකු අද (26) දංකොටුව නගර මධ්‍යයේදී අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි. 26 July 2020
තවත් තිදෙනෙක් සුවය ලබා ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් තිදෙනකු අද (26) දිනයේ පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 26 July 2020
රටවල් 40කින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන ඉහළට ඉකුත් සතියක කාලයේදී රටවල් 40කට අධික සංඛ්‍යාවකින් දිනක් ඇතුළත හඳුනාගත් වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 26 July 2020
කහ ජාවාරම්කාරයන් තිදෙනෙක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී අයුරින් කහ රැගෙන එන ජාවාරමකට සම්බන්ධ බව කියන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නොරෝච්චෝල පොලිසිය පවසයි. 26 July 2020
කන්දකුලියේ පස්දෙනෙක් ස්වයං නිරෝධායනයට කල්පිටිය පොලිස් බළ ප්‍රදේශයේ කන්දකුලියේ පදිංචි ඉන්දීය හොර ජාවාරමුන් හා සම්බන්ධතා ඇති බවට සැක සහිත පුද්ගලයින් 5 දෙනෙකු අද (26) දින හලාවත රෝහලේ පී.සී.ආර්.පරීක්ෂණයකට යොමුකර, ස්වයං නිරෝධායනයට යොමු කළ බැව්, කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර පවසයි. 26 July 2020
අයිඩීඑච් රෝහලෙන් පැන ගිය ආසාදිතයා කන්දකාඩුවට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අංගොඩ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයි.ඩී.එච්) ප්‍රතිකාර ලබමින් සිට ඉන් පැනගොස් සිටියදී හඳුනාගත් ආසාදිතයා, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 26 July 2020
වතුපිටිවල රෝහලට පැමිණි හොර දොස්තර අත්අඩංගුවට වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලේ ගැබිනි වාට්ටුවට ඇතුල්වීමට තැත්කළ ඉන්දියන් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 26 July 2020
‘එජාපයට විරුද්ධව කටයුතු කරන අය පක්ෂයෙන් ඉවත් කරනවා’ සමගි ජන බලවේගය වෙනම පක්ෂයක්ය යන්න පැහැදිලි බව අධිකරණය මගින් ප්‍රකාශ කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කටයුතු කරන අයව ඉවත් කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 July 2020
සැකකරු පැන ගියා යැයි කොස්තාපල්ගේ වැඩ තහනම් ජීප් රථයකින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටිය දී අත් මාංචු සමඟ සැකකරුවන් දෙදෙනෙකු පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියේ කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි . 26 July 2020
ලක්ෂ 50 ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මන්නාරම, කරත්තෝල් වෙරළ තීරයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 අධික වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 45 ග්‍රෑම් 325 සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි. 26 July 2020
ලක්ෂ 2 ක හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට පන්නිපිටිය කලල්ගොඩ මැණික්වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා ලක්ෂ 2 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු, තියුණු ආයුධ හා සන්නිවේදන උපකරණ සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 26 July 2020
අණ නොතකා ධාවනය වූ වෑන් රියක අපරාධ රැකට සම්බන්ධ සැකකරුවන් පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයක් රථයක ගමන්ගත් විවිධ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙක් හා වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. 26 July 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026