IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා මඬින්න එන්නත්කරණය අරඹයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ඉන්දියාවෙන් ප්‍රදානය කරනු ලැබූ, කොවිෂීල්ඩ් නම් කොරෝනා මර්දන එන්නත කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට අද(29) එන්නත් කිරීම ඇරඹිණි.

ශ්‍රී ලංකාවේ පුරවැසියකුට එය එන්නත් කිරීම ආරම්භ කළේ අද දිනයේදී ය.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩී. වික්‍රමසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත වෛද්‍ය රාකේෂ් පාණ්ඩේ, විවේක් ෂර්මා යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ කොළඹ ජාතික රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයටම අද, හෙට, අනිද්දා යන දින තුනෙහිදී මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.



අදහස් (9)

කොරෝනා මඬින්න එන්නත්කරණය අරඹයි

mihira Friday, 29 January 2021 04:34 AM

සියලු රෝහල්වල සහ පී.එච්.අයි. සහ කොරෝනා සම්බන්ධ වැඩ කළ හැමෝටම මුලින් ලබාදුන්නොත් හොඳයි කියලා මම හිතනවා.

:       0       16

NeelaFriday, 29 January 2021 09:54 AM

හමුදා නිලධාරීන් වයස 60ට අඩු ශක්තිමත් පුද්ගලයින්‍ නිසා කොරෝනා හැදුණත් මැරෙන්නේ නෑ. ඉතින් මේ නිශ්ඵල වැඩෙන් හමුදා කරණයේ ප්‍රමාණයත්, පොහොට්ටුවට ඡන්දය දුන් 60ට වැඩි අයටත් හිතන්න දෙයක් ඉතිරි කරයි. මේ ආණ්ඩුවේ උපදේශක වියතේ කට්ටියක්..

:       10       2

vikum Friday, 29 January 2021 06:03 AM

ඔය එන්නත රජයේ නොවන රෝහල් කාර්ය මණ්ඩලයට ලැබෙන් නැද්ද? ඒ ඇත්තොත් රටෙ පුරවැසියන් නේද? එක්කෙනෙක් කිව්වා පැකනිල් දෙන්න කියලා, කවුරු කොහොම කීවත් අන්තිමට ඉන්දියාවට එ්කවත් නොලැබුණා නම්, දෙවියෝ මුහුණ බලලා මේ අසනීපය පොඩි ළමයින්ට හැදීමේ මට්ටම අඩුනේ.., නැත්තම් පොඩි අය ඉවරයි. මිනිස්සුන්ට දැන්වත් තේරුණොත් ඇති 225ම කම්බ හොරු කියන එක, අන්තිමට අපි කණ බත් ඇටයටත් බදු ගහලා අවුරුදු 72ක් තිස්සේ කරපු හරිය දැනගත්තා. බෙහෙතක් ගෙන්න ගන්න මුදලක් නැහැ. මෙතෙක් දේශපාලකයින් හම්බකරපු සියල්ල තහනම් කරලා මිනිස්සුන්ට බෙදලා දෙන්න ඕනෑ..

:       9       7

Hafeel Friday, 29 January 2021 06:41 AM

මේ උපකාරයට ඉන්දියාවට ස්තුතියි. නමුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අනතුරක් නොවේවායි ප්‍රාර්ථනා කරමු... එය ආරක්ෂා කරමු.

:       3       11

පිටිගල මිලානෝ Friday, 29 January 2021 07:31 AM

පාර්ලිමේන්තුවේ 225ට එන්නත දෙන්න එපා...

:       6       7

කපුරු හාමිFriday, 29 January 2021 11:41 AM

රටේ ආරක්ෂාවට වගකියන නායකයෝ, ජනතා නියෝජිතයින් කියලනේ හිතාගෙන ඉන්නේ...

:       0       0

siri Friday, 29 January 2021 10:29 AM

ඉතාම කාලෝචිත වැදගත් වැඩපිළිවෙලක්. සියලු දෙනාට ආරක්ෂාව සැලසේවා...!!!  මුට්ටි, රතු නුල් සහ පැණි වෙළෙන්දන්ටත් මේ එන්නත ඉක්මණින් ලබාදෙන්න හැකිවේවා...!! 

:       1       2

Ashan Friday, 29 January 2021 11:00 AM

ලැබිලා තියෙන්නේ එන්නත් ලක්ෂ 5 යි. එක්කෙනෙකුට දෙපාරක් දෙන්න ඕනෑ. ඒ කියන්නෙ ලක්ශ 2.5ක් විතරයි ලැබෙන්නේ. රජය මුලින් ඇනවුම් නොකළ වරද... සර් ෆේල්. දැන් ඉතින් ආධාර එනකල් ඉන්න වෙනවා 69 ලක්ෂයට...

:       0       0

chandima Saturday, 30 January 2021 01:08 AM

මේ අර ඇස්ට්‍රා සෙනෙකා නෙමෙයි නේ... ඉන්දියාවේ හදන බලෙ එකක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site