ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ නව සහ වැදගත් වාර්තාව සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ අවධානය යොමු වී ඇතැයි ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ජුලියන් බ්‍රාත්වෙයිට් සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 17කින් සමන්විත ලිඛිත වාර්තාවක් ඉකුත් දා (27) මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළාය.
එක්සත් රාජධානිය විසින් අදාළ නව සහ වැදගත් වාර්තාව සලකා බලන බව එම වාර්තාව ඉදිරිපත් වීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ එක්සත් රාජධානියේ නිත්‍ය නියෝජිත ජුලියන් බ්‍රාත්වෙයිට් සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් සහ වගවීම සම්බන්ධයෙන් අඛණ්ඩව සහාය දෙන බව ද හෙතෙම සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ලබන මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත ය.
(055 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව සහ වැදගත් යන වචන තියෙනවා... ඒ අය ඉදිරියේදී ගන්න හදන පියවර මොකක්ද කියලා...
මේ කාටවත් ට්‍රම්ප්ව පේන්නේ නැතිව ඇති....
ඉක්මන් පිළිතුරක් අවශ්‍ය ලොව දැවෙනම ප්‍රශ්නය . " එන පොට හොද නෑ... කඩුව පිළිකන්නෙන් තියලා ගෙට වෙයන්..."