IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුලතිව් පාසලක කොටි කාලතුවක්කු ගබඩාවක්

 

(රොමේෂ් මධුෂංඛ)

                      

මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගනයේ යුද සමයේ දී වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බව මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.

මුල්ලියාවලෙයි පාසලක ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුත්තක් කරමින් සිටි ඉංජිනේරුවරුන්ට පළමුව කාලතුවක්කු උණ්ඩ කිහිපයක් හමුවී තිබේ. පසුව ඒ බව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් කාලතුවක්කු උණ්ඩ 6 ක් තිබී සොයා ගැණිනි.

පසුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් කැණීම් නියෝගයකට අනුව යුද හමුදාවේ 592 බලසේනාවේ 9 වන ඉංජිනේරු බළකායේ සහයෙන් මුල්ලියාවලෙයි පොලීසිය ද එක්ව කාලතුවක්කු උණ්ඩ හමු වූ ස්ථානයේ බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් වැඩිදුර කැණීම් සිදු කිරීමේදී මෙලෙස කාලතුවක්කු උණ්ඩ විශාල ප්‍රමාණයක් හමු වී තිබේ.

එහිදී මිලිමීටර් 122 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 36 ක්, 152 වර්ගයේ කාලතුවක්කු උණ්ඩ 49 ක්, මිලිමීටර් 152 වර්ගයේ භාවිතා කළ නොහැකි කාලතුවක්කු උණ්ඩ කොපු 110 ක්, ෆියුස් 10 ක්, මිලිමීටර් 122 වර්ගයේ කාට්‍රිජස් 29 ක් මෙලෙස වළදමා තිබියදී සොයා ගනු ලැබීය.

යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂාව සඳහා පාසල් යොදා ගනිමින් පාසල් ආසන්නයේ සිට ආරක්ෂක අංශ වෙතට කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇති අතර එලෙස මුල්ලියාවලෙයි පාසලක ක්‍රීඩාංගනයේ සිට අවසන් යුද සමයේ දී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ වෙතට කාලතුවක්කු ප්‍රහාර එල්ල ස්ථානයක් හා කාලතුවක්කු ගබඩා කල ස්ථානයක් වශයෙන් තිබියදී ආරක්ෂක අංශ ළඟා වන විට මෙම උණ්ඩ වළදමා පලා ගොස් ඇති බවට පොලීසිය සැක කර සිටී.

සොයාගත් කාලතුවක්කු උණ්ඩ අධිකරණ නියෝගයකට අනුව නිෂ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවටද වැඩිදුර පරික්ෂණ සිදු කරන මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

මුලතිව් පාසලක කොටි කාලතුවක්කු ගබඩාවක්

Sam Friday, 29 January 2021 06:49 AM

ඒ කාලේ හිටපු විදුහලේ විදුහල්පති සුමන්තිරන්ද?

:       7       71

wicky Friday, 29 January 2021 08:20 AM

මේවා ජිනීවා වලට පෙන්නන්න. කොටින්ගේ වැඩගැන. නැතිනම් හැමෝම කියන්නේ අපේ හමුදාව තමයි වැරැදි කියලා.

:       5       143

Raveendra Friday, 29 January 2021 08:44 AM

ඡන්ද ලඟ එනකොට හැමදාමත් ලංකාවේ පොළවෙන් මුහුදෙන් එක එක දේවල් මතු වෙනවා. බොර තෙල් නිධි, රත්තරන්, නාග ලෝකෙන් ධාතු අවි ආයුධ බෝම්බ..

:       152       42

PeirisSaturday, 30 January 2021 04:36 AM

හොඳ කියමනක්...

:       0       0

Nihal Friday, 29 January 2021 10:53 AM

ඡන්දයක් ළඟ එන හැඩයි...

:       47       18

Binkunndaa Monday, 01 February 2021 08:03 PM

ඉන්දියාවට තෑගි දීපුවා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site