IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලංකාපුරෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්


 
(ක.ග.කරුණාරත්න)
 

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා රෝගියෙකු අද (03) හමු වූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පැවැසීය.
 
එම රෝගියා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කල සිවිල් ආරක්‍ෂක භටයාගේ පස් හැවිරිදි දියණිය බවද ඒ මහතා කීය.
 
සිවිල් ආරක්‍ෂ භටයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ ( 02) වැනිදා  පී.සී.ආර් පරීක්‍ෂණ වලින් තහවුරු කරගෙන තිබුණි.

ඉන් පසුව ඔහුගේ  බිරිඳ සහ දියණිය පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකර පොලොන්නරුව මහ රෝහලේ කොවිඩ් 19 සැකකටයුතු අය රඳවා තබන වාට්ටුවක නේවාසිකව සිටි අතර එම පරීක්‍ෂණ වාර්තාවලින් දැරියට කොරෝනා වයිරසය ආසාදිතවී ඇති බව තහවුරුවී ඇතැයි වෛද්‍ය කුමාරවංශ මහතා මහතා ප්‍රකාශ කළේය.
 
මේ අනුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ වනවිට හමුවී ඇති කොරෝනා රෝගීන් ගණන 12ක් බව සෞඛ්‍ය අංශ නිල දත්ත අනාවරණය කරයි.
 
මේ රෝගීන් සියළුම දෙනා සමාජයෙන් හමුවූ රෝගීන් නොව කන්දකාඩු කොරෝනා පොකුරේ දිගුවක් ලෙසට හඳුනාගෙන ඇතැයි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා වැඩිදුරත් සඳහන් කළේය.



අදහස් (0)

ලංකාපුරෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14147 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 192 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site