මිලියන 4 කට වැඩි පිරිසකට කොරෝනා කොරෝනා වයිරසය මේ වන විට ලොව පුරා මිලියන 4.35කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර 297 000 ක පමණ පිරිසක් මියගොස් ඇත. වයිරසයෙන් සුවවූ සංඛ්‍යාව මිලියන 1.55ක් වේ. 14 May 2020
සුරාසැල් විවෘත කිරිම රජය ගත් අනුවණ පියවරක් අපේ රටේ සෞඛ්‍ය බලධාරීන් ඇතුළු නිලධාරීන් කොරෝනා මර්ධනය මැඩපවත්වන්න තුන් මසක් තුළ ගත් ක්‍රියා මාර්ග අති විශිෂ්ඨයි. එවැනි අවස්ථාවක රටේ සුරාසල් විවෘත කිරීමට රජය ගත් ක්‍රියා මාර්ග ඉතා අනුවන ක්‍රියාවක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. 14 May 2020
මංගලත් සී.අයි.ඩී.යට කැඳවයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. 14 May 2020
ඉදිරි සති දෙක තීරණාත්මකයි : වගකීමෙන් හැසිරෙන්නැයි හමුදාපති කියයි ඉදිරි සති දෙක තුළ ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් කෝවිඞ් වසංගතය ශි‍්‍ර ලංකාවේන් සදහටම තුරන් කළ හැකි බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 14 May 2020
හැටන් මත්පැන් ශාලාවල මත්පැන් තොග අවසන් කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් වලින් සිල්ලරට මත්පැන් අලෙවි කරන සුරාසැල් පමණක් විවෘත කිරිමට ඊයේ (13) දින අවසර ලබා දිමත් සමග එම සුරාසැල් වල තිබු මත්පැන් තොග අවසන් වි ඇති බව හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය. 14 May 2020
කටුනායක ගුවන්තොටුපළට නව මාර්ගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් අද (14) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබීය . 14 May 2020
මස්සිනාගේ පොලු පහරකින් විශ්‍රාමික යුද හමුදා සෙබළා මරුට පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අද (14) අලුයම පොල්ලකින් පහරදීමකින් විශ්‍රාම පූර්ව නිවාඩු ලබාසිටි යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 14 May 2020
බිරිඳගේ මන්නා පහරින් සැමියා මරුට අරලගංවිල , යාය 07.මහින්දාගම ප්‍රදේශයේදී අද (14) කාන්තාවක් සිය සැමියාට මන්නා පිහියෙකින් පහර දී නිවස තුළම ඝාතනය කර ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. 14 May 2020
මාලදිවයිනේ සිටින ලාංකිකයින් පිරිසක් රැගෙන එන්න යානයක් පිටත් වෙයි කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද(14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය . 14 May 2020
කොරෝනා ආසාදිතයින් 915 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 915 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 14 May 2020
බෙලිඅත්ත දුම්රියපොළට පැමිණි සියලු දෙනාට දුම්රියෙන් යාමට අවසර බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට පැමිණි සියලු දෙනාට අද (14) දුම්රියෙන් යාමට අවස්ථාව උදාවිය. 14 May 2020
කොරෝනා ආසාදිතයන් 893 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 893 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 13 May 2020
රාජිත රිමාන්ඩ් රාජිත සේනාරත්න මහතා මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. 13 May 2020
මුහුදු මහා විහාරයේ ඉඩම් රකින්නට ගිය නිලධාරීන්ටත් එරෙහිව පරීක්ෂණ පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියේ අනවසරයෙන් අල්ලා ගෙන කණු ගසා තිබු ප්‍රදේශයක, පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ නිලධාරින් විසින් පොලිස් ආරක්ෂාව ද සහිතව එම කණු ඉවත් කිරීමෙන් පසු පොතුවිල් පොලිසිය එම කණු ඉවත් කළ පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යංශයේ අද (13) පැවති රැස්වීමක දී හෙළි විය. 13 May 2020
චීනයේ නගරයකට අගුළු දමයි කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේනගරයකට අර්ධ ‘ලොක්ඩවුන්’ සීමා පැනවීමට නගර බලධාරීහු අද (13) පියවර ගත්හ. 13 May 2020
කුරුණෑගල රෝහලේ විරෝධතාව විසඳුමකින් තොරව අවසන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එම රෝහලේම කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව අද දියත් කළ විරෝධතාවය පස්වරුවේදී විසඳුමකින් තොරව අවසන් විය. 13 May 2020
එමිරේට්ස් යානා 21 වැනිදා සිට යළිත් උඩු ගුවනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘එමිරේට්ස්’ ගුවන් සේවය මැයි 21 වැනිදා සිට ලොවපුරා නගර නවයකට ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. 13 May 2020
කොටස් වෙළෙදපොල සැළකියයුතු වර්ධනයක් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දමා තිබී සඳුඳා (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (13) සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේය. 13 May 2020
බස්නාහිර සිර වී සිටි 2,000ක් ගෙදර යවති බස්නාහිර පළාත තුළ සිරවී සිටි තවත් පුද්ගලයින් 2,000 දෙනෙකු ඔවුන්ගේ ගම් බිම් බලා පිටත් කර හැරීමේ පස්වැනි අදියර අද (13) ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය 13 May 2020
නාවික හමුදාවේ 439 දෙනකුට කොරෝනා නාවික හමුදාවේ සාමාජිකයින් 439 දෙනෙකු මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 13 May 2020
ඩුබායි නුවර උද්‍යාන-සංචාරක හෝටල් විවෘත කරයි කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් වසා දැමුණු ඩුබායි නුවර උද්‍යාන, සංචාරක හෝටල්, පෞද්ගලික වෙරළ තීර විවෘත කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කරයි. 13 May 2020
අධිකරණයට අපහාස කළේ යයි ඥානසාර හිමිට එරෙහි නඩුව කල් යයි අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 16 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (13) තීන්දු කළේය. 13 May 2020
සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය වසරකට නොමිලේ සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සදහා අය නොකිරීමට එම අධිකාරිය අද (13) තීරණය කර ඇත. 13 May 2020
ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩුවෙයි අද පස්වරුවේදී සොයා ගන්නා ලද නව ආසාදිතයන් දෙදෙනා සමගින් කොවිඩ් 19 වයිරසය ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 891 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් අද දිනයේදී රෝගීන් 16 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව යාම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 500 දක්වා අඩුවී තිබේ. 13 May 2020
උතුරේ කළපු තුනක් ප්‍රතිසංස්කරණයට එල් ටී ටී ඊ ගැටුම් පැවැති සමයේ විනාශයට පත්වූ නන්දිකඩාල් තොන්ඩමනාරු හා නයාරු යන කළපු නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පියවර ගෙන ඇත. 13 May 2020
කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම බලරහිත කරන්නයි ඥානසාර හිමියන්ගෙන් පෙත්සමක් තම නායකත්වයෙන් යුතු ’’අපේ ජන බල පක්ෂය’’ කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (13) රිට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ 13 May 2020
රාජිත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට නියෝග සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ සිද්ධියේ තෙවැනි සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේය. 13 May 2020
රාජිතට ඇප දීමේ නියෝගය වැරදි බව මහාධිකරණය කියයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගය දෝෂ සහිත බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අද (13) නියම කළේය. 13 May 2020
සහරාන්ගේ දේශන ඇසූ දරුවන් දෙදෙනකුගෙන් රහස් ප්‍රකාශයක් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු වූ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහ්රාන් නමැත්තා ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන් පැවැත්වූ අන්තවාදී දේශනවලට සහභාගී වූ බව කියන බාලවයස්කාර දරුවෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ රහස් ප්‍රකාශයක් දුන්හ. 13 May 2020
පෙත්සම් විභාග නිමවනතුරු මනාප අංක ගැසට්ටුව නෑ පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් විභාග නිමවන තෙක් මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කළේය. මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ පෙරවරුවේ පැවැති අතර එහිදී මැතිවරණ කොමිෂන් සභාව එම තීන්දුවට එළැඹී ඇතැයි වාර්තාවේ. 13 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026