
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්ත මුහුදු මාවතේ දී පුද්ගලයන් 03 දෙනකු හප්පා පලායමින් සිටි මෝටර් රථයක් දෙහිවල පොලිස් මාර්ග බාධකයේදී අද (6) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
සිදු වූ අනතුරෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
රාත්‍රී සමාජ සමාජ ශාලාවකින් මත්වතුර පානය කර යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු රැගත් මෝටර් රථය ප්‍රථමයෙන් යතුරුපැදි කරුවෙකු හප්පා අනතුරුව මාර්ගයේ ගමන් ගත් තවත් පුද්ගලයන් දෙදෙනෙක් හප්පා පලායමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් දෙදෙනා කඩුවෙල සහ නාරාහේන්පිට පදිංචිකරුවෝය.
අනතුරින් මියගිය පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප - බී. ජානක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම...
ඇත්තටම මෙතන බීමත් රියදුරන් 100% ක්ම වැරැදියි. ඒ වගේම ලංකාවේ දැකපු අනාරක්ෂිතම පාර තමයි මේ. උදේට සහ දවල්ට පාර හරහා මාරුවෙන්න බැහැ. වාහන එන වේගය අනුව දවසකට එක්කෙනෙක් මැරෙන්නේ නැතිනම් තමයි පුදුම වෙන්න ඕනේ. කරුණාකර ගුවන් පාලම්වත් පාර පනින මිනිස්සුන්ට දාලා දෙන්න.
දීපාල් මහත්තයෝ, මොන බොරුද? ඒ සියලුදෙනාම 69 ලක්ෂයේ අය.. රට පෙරට...