
(ටී.කේ.ජී. කපිල)
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද (07) උදෑසන පැමිණි විට ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ ගුවන් ගමන් තහනම් නියෝගයක් ඉවත් කිරීම පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නොලැබී තිබීම නිසා, ඔහු ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් යානය පිටත්වීම විනාඩි 45 කින් පමණ ප්‍රමාද කිරීමට සිදුවූ බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ තවත් 07 දෙනෙකු සමග අද උදෑසන 10.00 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත විදේශ ගුවන් ගමන් තහනම් නියෝග 02 ක් පනවා තිබිණ. ඉන් එකක් ඉකුත් 04 වැනිදා ඉවත් කර තිබූ අතර අනෙක් නියෝගයද එදිනම ඉවත් කළද, ඒ බව තැපැල් මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමට එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පියවර ගෙන තිබුණි.
ඒ අතරතුර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අද විදේශ ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඒ වනවිටත් මෙම අධිකරණ නියෝගය අහෝසි කළ බවට වූ නියෝගය කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොතිබුණි.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගත වීමට අවසර දීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණි.
පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම විදේශ ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට වු දැනුම් දීම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසුව, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඇතුළු පිරිස රැගත් එමිරේට්ස් ගුවන් යානය උදෑසන 10.45 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ නෑයෙක් හරි, හෙන්චයියෙක් හරි හිටියා නම් ඔහොම වෙන එකක් නැහැ.. එයාර් ලංකා සභාපති හිටපු කාලේ මොන අවුලක් වත් නැහැනේ...
අහන්න දෙයක්ද මෙහෙම අය එයාර්පෝර්ට් එකට ආපුවාම කවුරුත් අන්ද මන්ද වෙනවා.
එක රට... එක නීතිය...
එක කෝල් එකයි දෙන්න ඕන.
මෙයා පිලිබදව අපගේ කියවිම සතුටට කරුණක් නොවන බව පළමුව සදහන් කරන්නෙමු. අප කනගාටු වන්නේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිළිබදවය. කොලබ සිට තැපැල් සේවකයකු පා ගමනින් මෙම අදාළ ලිපිය කටුනායක ගුවන් තොටුපලට රැගෙන පැමිණියත් දවසක් දෙකක් තුල අදාළ ස්ථානයට ලිපිය බාරදිය හැකි නොවේද ? අධිකරණ දෙපාර්තුමේන්තුවේ ප්‍රමාදයද තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රමාදයක්ද අප කිසිවෙකු නිවැරදිව නොදනී නමුත් මෙමගින් දෙපාර්තුමෙන්තුවල මහජනතාවට ලැබෙන කාර්යක්ෂම සේවය නැවතත් මනා ලෙස මහජනතාවට දැකගනුමට හැකිවීම සතුටකි.
යන්න කලින් ඇමතිවරයාට ඕක චුට්ටක් චෙක් කර ගන්න තිබුනේ නැද්ද.?
මෙය සිදු නොවිය යුතුය. මම නාමල් නම්, නියමිත ගුවන් ගමන ප්‍රමාද වීමට ඉඩ දෙනවාට වඩා මම ඊළඟ ගුවන් ගමන ගෙන යන්නෙමි. එහි පැය 5 ක ගුවන් ගමනක් සහ විනාඩි 45 ක් ප්‍රමාද කිරීම වටින්නේ නැත.
මෙහෙම ගුවන්යානයක් නවත්වාගෙන ඉන්න පුළුවන් රාජ්‍ය නායකයෙක්ගේ අවශ්‍යතාවයට විතරයි නේද.?
මේවා තමයි අපට ඉල්ලන්න නැත්තේ... එක්කෙනෙක් නිසා බහුතරයකට වෙන පාඩුව.. ගුවන් මගීන්ට ඩුබායි වලින් ප්ලේන් මිස් වෙන්නත් පුළුවන්. මමත් ඩුබායි ට්‍රාන්සිට් වෙලා තියෙනවා. සමහර ට්‍රාන්සිට් පැය භාගයක්... මෙහෙන් පරක්කු වුණොත් ඩුබායිවලින් මිස්වෙනවා. මේ අයගේ නම් විකාර...
අනේ ඉතින් කිසි වරදක් කරලා නැති මිනිස්සු. අත පය හොලවලා මහන්සි වෙලා තමුන් හම්බු කරපු සල්ලි වලිං විනෝද වෙන්න පිටරට යන එක බලාගෙන ඉන්න බැරි කුහක මිනිස්සු..
මේක තමයි පළමු සහ අවසාන ඇමැතිකම...
නියමයි, නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා.
විදේශ ගමන් තහනම් සහ වරෙන්තු කැඳවීම් අදාළ ආයතනවලට දැනුම් දීමට වියත් ක්‍රමයක් හඳුන්වා දීමට සුදුසු කාලයයි. රටේ ප්‍රබලම ඇමැතිවරයෙක් නිසා අද ඔය වැඩේ කරගත්තාට ගමේ මනුස්සයෙක් ගියා නම් මොකද වෙන්නේ?