(ටී.කේ.ජී.කපිල)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන පළමු එන්නත් තොගය ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 264,000 ක් අද (7) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන පැමිණියේය .
මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා , වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ , යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත එමා බ්‍රිගම් මහත්මිය ඇතුළු පිරිසක් පැමිණ සිටියහ .
මෙම එන්නත් ඉන්දියාවේ මුම්බායි හි සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිපදවා තිබේ .
මෙම එන්නත් තොගය ඉන්දියාවේ මුම්බායි සිට ඩුබායි වෙත රැගෙන ගොස් , යළි ඩුබායි සිට මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මෙම එන්නත් තොගය රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 2528 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද 07 දින අලුයම 12.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
ගුවන් යානයේ ශීතකරණ තුළ අසුරා තිබූ මෙම එන්නත් තොගය , ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ආනයන ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාර තුළ තැන්පත් කිරීම සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර රවුමක් ගහලනේ ඇවිත් තියෙන්නේ. නරක් වෙලා නැතිව ඇති නේද?
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අවස්ථාවේ දුප්පත් රටවලට මෙම සේවය අපි අගයමු.
පිනට දෙන ඒවා විතරයි එන්නේ.. අභීත ශ්‍රී ලංකාවට වෙච්ච දෙයක්. තව ටික දවසකින් කන බොන ටිකත් පිනට දෙනකම් බලාගෙන ඉන්න වෙයි. කිසිම දැක්මක් නැති අසාර්ථකම රජයක්..