
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්ත මුහුදු මාවත, රාජසිංහ මාවත අසල දී අද (6) එක් අයකු මරුමුවට පත් කරමින් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් සිදු වූ අනතුරින් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර මියගිය බව වැල්ලවත්ත පොලිසිය කියයි .
එම අනතුරින් මේ වනවිට වයස අවුරුදු 57 සහ 77 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.
රාත්‍රී සමාජ ශාලාවකට ගොස් මත්පැන් පානය කර පැමිණෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු රැගත් මෝටර් රථයක් පාපැදියක හා පාගමනින් යමින් සිටි මියගිය පුද්ගලයන් දෙදෙනාගේ හා තවත් පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි .
එම අනතුරින් බරපතල තුවාල ලද තවත් පුද්ගලයෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අමන මිනිසුන් සිදුකරන මිනීමැරුම් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් කර, මෙවැනි බීමත්ව අනතුරු සිදු කරන පුද්ගලයින් හට දැඩි දඬුවම් පැනවීම කළ යුතුයි. එ්ත් විස්කි වතුර කළහැකි ජනතා නියෝජිතයින් සිටින පාර්ලිමේන්තුවකින් එවැන්නක් අපට බලාපොරොත්තු විය හැකිද?
මෙයාට කිසිම සමාවක් දෙන්න එපා. දැඩි දඬුවම් දෙන්න.
මේ අනතුර කරපු කෙනා හෙළිනොකරන්නේ දේශපාලුවෙකුගේ ඥාතියෙක් නිසාද...?