
(ඩී.ජී. සුගතපාල)
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට වලස්මුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ පෙනි සිටින පුද්ගලික අයදුම්කරුවෙකු වෙනුවට පෙනී සිටි වෙනත් අයෙකු වලස්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පවසයි.
වලස්මුල්ල ජාතික පාසලේ අංක 5 විභාග ශාලාවේ පෙනී සිටීමට නියමිත වලස්මුල්ල නතුවල ප්‍රදේශයේ පුද්ගලික අයදුම්කරු වෙනුවට වලස්මුල්ල බෝවල පහළ ප්‍රදේශයේ සිසුවෙකු ව්‍යාජ ලෙස විභාගයට පෙනී සිටියදි විභාග ශාලාධිපති විසින් පොලිසියට දැන්වීමෙන් පසු පොලීසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර සිසුවා 2020 උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවෙකු බවද අනාවරණය වී තිබේ.
සැකකාර සිසුවා අද (06) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර නායකයොත් නීති විභාග පාස්කරපු විදිය බලපුවාම සාමාන්‍ය පෙළ ලියන එක මහ කජ්ජක් ද කියලා හිතුණා...
ලංකාවේ සිදු වුණු, සිද්ද වෙන දේවල් දිහා බැලුවාම කවර කතාද?
ශුවර් එකට 69 ලක්ෂයේ බයියෙක් වෙන්නැති ගමේ පළාත වලස්මුල්ලේනේ...
දේශපාලකයින්ගේ පුත්තුන්ටත් නීතිය යෙදවිය යුතුයි.