විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල ඉල්ලා අස් කරගනී
උතුරු පළාත් මහ ඇමතිවරයාව සිටියදී ,අභියාචනාධිකරණ තීන්දුවක් ක්රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙකු වන බී.ඩෙනීෂ්වරන් මහතා ගොනු කර තිබූ පැමිණිල්ල එම පැමිණිලිකාර පාර්ශවය විසින් අද (16) අධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.