IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


’’වඩා වැදගත් ගෝඨාභය නොව බලයට ගෙනා මතවාදය හා බලවේගයි ’’

(ඩයනා උදයංගනී)

සංවිධානාත්මක දේශීය, විදේශීය බලවේග විසින් රජයට සහ තමාට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාර පරාජය කොට තමා ජනාධිපති ධූරයට ගෙන ආ මතවාදය ආරක්ෂා කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ නොව තමා බලයට ගෙන ආ මතවාදය හා බලවේගය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයේ අරමුණ එම මතවාදය පරාජය කිරීම බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා තමා කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම යැයිද කීවේය.

තමා බලයට එන විට බිඳවැටී තිබූ ආර්ථිකය කොවිඩ් වසංගත අර්බුදය මධ්‍යයේ වුවද, දේශීය හරිත ආර්ථිකයක් ලෙස ගොඩනගමින් තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිය ධූර කාලය ඇතුළත ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් තමාට දෝෂාරෝපණය කරන්නැයි ද ජනාධිපතිවරයා කීවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම සේවා වසමේ, බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනට එක්වෙමිනි.

පරිභෝජනය සඳහා ආනයනය කෙරෙන සියලුම ද්‍රව්‍යවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බව කී ජනාධිපතිවරයා ආනයනික පොල්තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව හඳුනාගැනීමට හැකි වූයේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස බවද පැවසීය.

තමා බලයට පැමිණ ගත වූ කෙටි කාලය තුළ පරිසරයට බලවත් හානියක් කරමින් තිබූ කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළ බව ජනාධිපතිවරයා කීය.

පොල්තෙල් පරිභෝජනයේ ගුණාත්මක ප්‍රතිඵල හඳුනාගෙන ෆාම් ඔයිල් ගෙන්වීම නතර කළ බවත්, රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඇති ඉඩ ප්‍රස්තාද අහුරා ඇති බවත් හෙතෙම පැවසීය.

තමා බලයට පැමිණෙන විට සුදු වෑන්, කිඹුලුන්, මෝරුන් ගැන බොරු ගොතා සමාජ ගත කළ කණ්ඩායම් එම අසත්‍ය ප්‍රචාර අසාර්ථකවීමෙන් පසු දැන් පරිසරය ගැන බොරු සහ දුර්මත සමාජගත කරමින් සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (22)

’’වඩා වැදගත් ගෝඨාභය නොව බලයට ගෙනා මතවාදය හා බලවේගයි ’’

සිරිබිරි Saturday, 03 April 2021 01:50 PM

ඔබව බලයට ඒමට දුන් පොරොන්දු වලින් මේ දක්වා ඉටු කරේ මොනවද යන්න ඔබ ඔබගෙන්ම අසන්න...

:       12       208

MCCSaturday, 03 April 2021 02:41 PM

බලයට ගෙනඒමට මුලිකත්වය දුන් මතවාද සහ බලවේග නිසා මේවනවිට ඔහුට ක්‍රමවේදයක් සකස් කර ගැනීමට අපහසු වී ඇත. සත්‍ය වශයෙන්ම බලවේග සහ මතවාද නිසා ඔහු හිරවී ඇත

:       71       66

rathgamaSunday, 04 April 2021 09:37 AM

රටක ප්‍රශ්න... මුලු පවුලකටම ජීවන මාර්ගයක් වුණාම මේ තත්වය උදාවෙනවා.

:       3       33

Demuni Uduwara Sunday, 04 April 2021 12:36 PM

රත්ගම, ඔබ කියන දේ හරියටම හරි...

:       1       17

banda Saturday, 03 April 2021 02:57 PM

සෞභාග්‍යයේ දැක්ම පොත පෙරලලා කරපු නොකරපු වැඩ ටිකක් බලනන වෙයි

:       10       162

RuwanSunday, 04 April 2021 06:14 AM

ලංකාව සිලිකන් වැලි එකක් කරන්න කතා කරපු, දක්ෂ පරිපාලන නිලධාරියෙක් කියලා හිතාගෙන හිටියට දැන් එහෙම නෑ කියලා ඔප්පු කරමින් ඉන්නවා. ආණ්ඩුව ෆේල් කියලා කියන්න මේකම ඇති. ගමේ තියෙන ප්‍රශ්න හොයාගන්න ලේසිම ක්‍රමය වෙන්නේ ග්‍රාමීය මට්ටමේ පරිපාලන නිලධාරින්ගෙන් සොයා බැලීම.. එහෙමත් නැත්නම් ප්‍රාදේශීය දේශපාලන නායකයන් මගින්... එහෙමත් බැරිනම් ජනතා ගැටළු යොමුකරන්න කියල‍ා එතුමාට පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න. තමන්ගේ ආණ්ඩුව රටේ ප්‍රශ්න තේරුම් ගන්න තැනක නෑ කියලා වෙනකාටත් කලින් එතුමාට තේරුම් ගිහින්ද? නැත්නම් එන ඡන්දෙ ගොඩදාගන්න හදනවද කියලා දන්නේ එතුමා තමයි. පාසලක කැඩුණු පරිගණක හදන වැඩේ ඉඳලා ජනාධිපති ගාවට යන්න වෙනවා නම් ෆේල් නැතුව මොකද්ද කියන්නේ? "සෞභාග්‍ය" පොත විතරක් ඉතුරු වෙයි මෙහෙම ගියොත් ...

:       3       38

මිතුරුතුමා Saturday, 03 April 2021 03:20 PM

සතුරු බලවේග දැන් වැහි වහල. සතුරෙක්ද පස මිතුරෙක්ද අපිනන් දන්නේ නෑ කවුරු හරි ප්‍රසිද්ධ කරලා තියෙනවා

:       0       0

කනිෂ්ක Saturday, 03 April 2021 05:54 PM

ඔය සතුරු බලවේග වලට ඉතා වෙහෙස බව පෙනේ. වෙහෙස නැති බව පෙන්වීමට බොහෝ දේ සමාජ ගත කිරීමට තව තවත් උත්සාහ ගන්නා බවක් ද පෙනේ. කාලය විසින් බොහෝ දේ උත්තර සපයා දී ඇත ..

:       6       5

විපරමා Saturday, 03 April 2021 06:20 PM

පවුල් පාලනේ අය වටේට ඉන්න කොට කවර කතාද .වියත් මග, සෞභාග්‍ය දැක්ම ඔය ඔක්කොම බලය ගන්නකම් විතරයි .දුශිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ කෙරුවේ කවදත් ජනතාව රවට්ටපු එක විතරයි

:       1       13

බණ්ඩාර Saturday, 03 April 2021 06:38 PM

අපි තේරුම් ගත යුතු එක දෙයක් තිබෙනවා . මිනිසුන් වශයෙන් ආකල්පමය වෙනසකට අප භාජනය විය යුතුව තිබෙනවා.. කුඩු අල්ලද්දී ආණ්ඩුව කුඩු ගේනව වගේ කෑ ගහනවා..මේ පොල්තෙල් ගෙනත් තියෙන්නේ 2016 ඉඳන් ..එතකොට ඒක අල්ලද්දී ඒකත් ආණ්ඩුවේ වැඩක් වගේ විවේචනය කරනවා..එතකොට මොකක්ද කරන්න ඕනේ. ක්‍රිකට් මැච් එකක් බැලුවත් ගහන එවුන්ට වඩා බලන අයට ඕන විදිහට ටීම් එක ප්ලේයර්ස්ලා දාන්න ඕනේ..අද සෙල්ලම් කරන කෙනා හෙට බැරි වුනොත් එලියට දාන්න ඕනේ..මොනවා කලත් හැමදේම විවේචනය කරනවා..ඉතින් කොහොමද මේ රට හදන්නේ ??

:       11       2

SL Sunday, 04 April 2021 02:21 AM

දැන් ලංකාව ඉස්සර බංග්ලාදේශයේ වගේ... හැමදාම උද්ඝෝෂණ, ඕනේ එකටයි, එපා එකටයි ස්පෙෂලිස්ට්ලා වැඩි වෙලා. ආණ්ඩුව හොඳක් කරන්න යද්දී විපක්ෂය අංචි අදිනවා. විපක්ෂය හොඳ වැඩක් කියද්දී ආණ්ඩුව අයියා වගේ හැසිරෙනවා. ලෝකේ කිසිම රටක් මේ විදියට කුලල් කාගෙන, හොරා කාගෙන දියුණු වෙලා නැහැ. වලපල්ලට යනවද? එකතුවෙලා ඉදිරියට යනවද කියලා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් වල ඉන්න කසිප්පු, කුඩු විකුණලා ගොඩයන්න හදන අැමැතිලාත් තේරුම් ගතයුතුයි. ඊට අමතරව NGO අරමුදල්, කැට සල්ලි හරහා ඇතිවෙලා තියෙන ඉතිරි පක්ෂ ටික රටේ තරුණ පරපුර නොමග යැවීම ගැනත් කිසියම්ම දෙයක් කළයුතුයි.

:       3       9

nimal Sunday, 04 April 2021 02:32 AM

ඒ මතවාදය නිසාද රට පුරා කසිප්පු බෙදන්න පටන් ගන්න හදන්නේ...? කසිප්පු කාරයින්ටම රට යයි වගෙයි.. නැට්ටෙ ඉඳන් ගොම..!!! 

:       1       21

nalin Sunday, 04 April 2021 05:35 AM

ඔබ බලයට ගෙනා මතවාදය සීඝ්‍රයෙන් ඔබගෙන් ගිලිහෙමින් පවතිනු ඇත... හැමෝම දෙරණ ප්‍රවෘත්ති බලන්නේ නෑනේ... ඔබව උඩින් තිබ්බත් ඔබ සහ ඔබේ සහචරයන්ගේ ක්‍රියාකලාපය මිනිසුන් අතර දෝෂදර්ශනයට ලක්වෙමින් පවතිනවා.. අන්තිමට වෙලා තියෙන්නේ ඔබේ පැත්තේ ඇමතිවරු සහ පිරිස නඩුවලින් නිදොස් කොට නිදහස් වූ බව පමණි..

:       2       56

Mangala Sunday, 04 April 2021 06:27 AM

ඒකද අලි සබ්‍රි අධිකරණ ඇමති කරලා, පීබී ජයසුන්දර නිල නොවන ජනාධිපති කරලා, මිලින්ද මොරගොඩව ඉන්දියාවට දැම්මේ? කෝ රණවිරු පනත...? මතවාදයේ සහ බලවේගයේ අදහස නම් පළාත්සභා එපා කියන එක. ඒකත් තිබ්බාම මතවාදය සහ බලවේගය අමතක කිරීම සම්පූර්ණයි.

:       1       26

Hafeel Sunday, 04 April 2021 06:29 AM

බොරුනේ කියන්නේ. මහජන විරෝධතා නිසා තමයි පරීක්ෂණ කලේ.. නැතිව මෙයා කියන පරිදි සියලුම දේවල් පරීක්ෂණයට ලක්වෙනවා නම් කොහොමද රේගුවෙන් මේ වස පොල්තෙල් පිට වෙන්නේ? මේ සේරම අහුවුනේ රේගුවෙන් පිට. අනිත් පැත්තෙන් නාමල් කියනවා එහෙම වස පොල්තෙල් ආවේ නැතිලු. මේකෙන් පැහැදිලියි මේ ආණ්ඩුව කියන්නේ බොරු බව ඔප්පු වෙනවා. 69 ලක්ෂයේ බලාපොරොත්තු නොවේ දැන් සිදු වෙන්නේ. දැන් සරුත්, රජයත් ෆේල්...

:       2       32

සෙනවි Sunday, 04 April 2021 07:00 AM

ඔය කියන වචන දෙකේ තේරුම දන්නවද?

:       2       22

Prabha Sunday, 04 April 2021 07:11 AM

පොල්තෙල්වල ගුණාත්මක තත්වය හඳුනාගත් නිසාද පිළිකාකාරක තෙල් ගෙන්නන්නේ..?

:       2       25

fairoos Sunday, 04 April 2021 08:04 AM

"සිය ධුර කාලය ඇතුළත ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් තමාට දෝෂාරෝපණය කරන්නැයි ද ජනාධිපතිවරයා කීවේය" එතකොට මේ ගෙවලා තියන්න අවුරුදු 02ට මොකුත් කරන්න බැරිවුණාද?

:       2       26

rathgama Sunday, 04 April 2021 08:46 AM

අපිටනම් ඔය කිසිදෙයක් වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ පවුල් බලය නිමාවකට පත්කිරීමයි.

:       4       67

de silva Sunday, 04 April 2021 11:56 AM

දැන් ඡන්දෙ දීපු මිනිස්සු ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ නිරෝධායන හෝටල් මාෆියාවෙන්... ගල්, පස්, වැලි, ඉඩම් ජාවාරම් මාෆියාවෙන්.. පොල්තෙල්, සීනි මාෆියාවලින් අපිව බේරගන්න කියලා..

:       1       18

සත්‍යපාල Sunday, 04 April 2021 12:04 PM

රටේ ආරක්ෂාවට වගකියන, සෞභාග්‍යයේ දැක්ම, වියත්මග මේවා රටේ ගොඩනැගුවේ කවුද? කොහොමද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පවුල් පාලනේ අයට වඩා වැදගත් වෙන්නේ බල තන්හාව මිසක් වෙන මොනවාද?.

:       1       14

de silva Sunday, 04 April 2021 03:03 PM

ගජමිතුරු බලවේග දිනෙන් දින රටේ සම්පත් සූරාකනු ලැබේ.. ඔබතුමා ෆේල්ද? පාස්ද? යන්න ජනතාව විසින් ලබන පළාත් සභා ඡන්දෙදී තීරණය කරාවි..

:       4       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 535 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site