(මුදිතා දයානන්ද)
රට තුලට ගෙන්වන භාණ්ඩ වර්ග 6000 න් රේගුව තුළදී පරීක්ෂාවට ලක්වන්නේ 1300ක භාණ්ඩ ප්‍රමාණයක් පමණක් බව සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (02) පවසයි.
ආනයනික පොල්තෙල් හා වියලි මිරිස්වල ප්‍රමිති වාර්තා ලැබෙන තෙක් රේගුවෙන් නිදහස් නොකිරීමට රේගුව සමග එකගතාවයකට පැමිණි බවද මේ තත්ත්වය ක්‍රමයෙන් අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන්ද අනුගමනය කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද රජ්‍ය අමාත්‍යවරයා පවසයි.
රේගුවේදි පරීක්ෂාවලට ලක් කරන භාණ්ඩවලද ප්‍රමිති වාර්තා ලැබෙන්නට එම පෙර භාණ්ඩ රේගුවෙන් නිදහස් කරන බවද එය මෙතෙක් සිදුව ඇති සාමාන්‍ය ක්‍රමවේදයට බවට පත්ව තිබෙන බවද අලගියවන්න මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක එහෙම වෙන බව මොන්ටිසෝරි යන දරුවන් පවා දැන සිටි කාරණයක්. දැන් ඔය මහත්තයා කියන්නේ සාමාන්‍ය ජනතාවට ඇවිත් මේවා පරික්ෂා කරන්න කියලද? රටක පාලක පිරිසක් සහ නිලධාරීන් පිරිසක් ඉන්නේ මේවා ගැන සොයා බලන්න නොවෙයිද? ඔබතුමාලා කොහොමද හිරිකිතයක් නැතුව මේවා ජනතාවට කියන්නේ? මේකත් හරියට අර කෙනෙක් පාස්කු ප්‍රහාරය ගැන මට තාත්තා කිව්ව නිසා පල්ලියට ගියේ නෑ කියලා කිව්ව කතාව වගේ.. කතාව දන්නවා, නමුත් ඒවා වැළැක්වීමට ක්‍රමවේදයක් නෑ. මොනවා කරන්නද මී හරක් වගේ ජනතාවක් ඉන්න රටක...
ඒක විවෘත රහසක්..
තව කොච්චර රහස් ඇද්ද රේගුවේ සර් ..?
නියම කතාව ප්‍රදීප්...
නින්දෙන් ඇහැරුණු ගමන් මේ ප්‍රවෘත්තිය දැක්කේ... පොඩි සතුටක් හිතට ආවා. බලද්දී එහෙම නෙවේ වෙලා තියෙන්නේ... මොනවා කරන්නද? හිත හදාගත්තා.
අල්පෙනෙත්තේ ඉඳන් ආනයනය කරන මේ රට තුළට ගෙන්වන්නේ භාණ්ඩ වර්ග 6000ක් පමණයිද?
අපි මොනවා හරි කරන්න පුළුවන්ද කියලා බලන්නම්? ඔයගොල්ලන් මහන්සි වෙන්න එපා...
අපි රේගුවේ කෙරුවාවන් දැනගෙන හුඟක් කල්... පගාවට වැඩ සිද්ද වෙන හැටි, දේශපාලකයන්ගේ, හිතවතුන්ගේ භාණ්ඩ ලිස්සලා යන හැටි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. දන්නෝ දනිති. රේගුව කියන්නේ දූෂිතම ආයතන වලින් එකක්..