
(අංජුල මහික වීරරත්න)
රට පාලනය පසෙක තබා ආණ්ඩුව පරිසරය වනසමින් බිස්නස් කරන තත්ත්වයට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
දිගින් දිගටම වැනසෙන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවිහිමියෙන් සටන් වැදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව ද විජයවර්ධන මහතා කියයි.
දැවැන්ත වන සංහාරයට එරෙහිව පෙළ ගැසෙමු" යන තේමාවෙන් සංවිධාන කළ සිතුවම් ඇඳීමෙි වැඩසටහනක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී අද (2) පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම චිත්‍ර ඇඳීමේ වැඩසටහන පැවැත්වුණු අතර චිත්‍ර ඇඳීමට දායකත්වය දැක්වූ තරුණ තරුණියන්ට ඇගැයීම් සහතිකපත් ප්රදානය කිරීම ද සිදු කෙරිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මේ මහත්වරුන්ට වන සම්පතේ අගය වැටහෙන්න විපක්ෂයට එනතුරුම ඉන්න වුණු හැටි... ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට මේවා නොතේරෙන එකනේ පුදුමේ.. මම හිතුවේ හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් තමයි ලෝකයේ හිටපු හොඳම සුරංගනා කතා රචකයා කියලා. දැන් බැලුවාම අපේ රටේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ වල මොන තරම් නම් දක්ෂ කට්ටිය ඉන්නවද..?
දැන් ඉතින් කොහොමත් අලි ටික ඉන්නේ වනගත වෙලානේ.... වනාන්තරයේ වටිනාකම හොඳට දැනෙනවා ඇති.
කෝ එදා චණ්ඩිපාට් දමලා " අපේ ආණ්ඩුව " ගැන කිව්ව පොලිස්කාරයා?
කොයිකාටත් ගස් වල වටිනාකම, හොරකම දූෂණය පේන්නේ විපක්ෂයට ආවාම. පක්ෂ දෙක තුනටම එහෙමයි. කොහෙන් හිනා වෙන්නද මන්දා...?
ජනතා විරෝධයන් ලාබෙට මංකොල්ල කෑමේ උත්සාහයක් ... කොයිතරම් වන සංහාරයක් වුණාද? ගහක් කොළක් පේන්න බැරි දේශපාලනයක් ලංකාවේ තියෙන්නේ. විල්පත්තු කපද්දී මේ චිත්‍ර අඳින අය කොහේද හිටියේ? කෙසේ හෝ කුමන අරමුණකින් හෝ මෙවැනි විරෝධයන් දැක්වීම අගය කළ යුතුයි. විපක්ෂයේ වගකීමක් රටේ සියලු සම්පත් ආරක්ෂා කිරීම..
අලියගේ නැට්ටේ එල්ලිලා ගමරාල දිව්‍ය ලෝකේ ගියාට.. වන සම්පතේ එල්ලිලා මේ ගොන් අලින්ට දිව්‍යලෝකේ යන්න පුළුවන් වෙයිද? මේක වෙන්න ඇති අර ජයග්‍රහණයට නව මාවතක් ආරම්භ කරනවා කියලා නායකතුමා කියලා තිබුණේ..?
සූත්තර පුංචානේ චිත්‍ර අඳිනවා කිව්වේ..අලි අනාථාගාරයේ පින්සලක් හොයාගන්න බැරිවෙන්න ඇති...
ඔයාලගේ පක්සෙ අනාථයි... දැන් ඔයාලට තියෙන්නේ පොහොට්ටුවේ එල්ලෙන්න.