පොසොන් සිරියෙන් රට සැනහේවා ලෝක සිතියමේ ඇබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයින ලෝකයේ මුදුනටම ඔසොවා තැබූ අදීන අදම්‍ය අපරාජිත ශ්‍රේෂ්ඨ සංස්කෘතියක උපත සිදු කළ අසිරිමත් මහින්දාගමනය බුදු බැතින් පිනා ගිය හදවතින් අනුස්මරණය කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. රෝ දුක් දුරුව මුළු රටත් ලෝකයත් සන්සුන් සංහිඳියාවෙන් සපිරුණ අලුත් යුගයක් උදාවේවා යන්න ලංකාදීපයේ පොසොන් ප්‍රාර්ථනය වේ. 05 June 2020
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් කත රිමාන්ඩ් පාතාල සාමාජිකයකු හා සම්බන්ධ වෙමින් හොරොයින් ජාවාරම් කළ රත්මලාන ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරීන් සමත්ව තිබේ. 05 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1797 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 04 June 2020
කොරෝනා බ්‍රසීලයේ ආදිවාසීන් අතරත් වේගයෙන් ව්‍යාප්ත වෙයි කොරෝනා වයිරසය බ්‍රසීලයේ ආදිවාසීන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමීක්ෂණයකින් හෙළවී තිබේ. 04 June 2020
ජනපති අත්සන ව්‍යාජ ලෙස භාවිතා කළ පුද්ගලයකු රිමාන්ඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ලිපි ශීර්ෂය සහ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු අද (4) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 8 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කර ඇත . 04 June 2020
මෙක්සිකොවේ පැය 24 ක් තුළ කොරෝනා මරණ 1,092ක් මෙක්සිකෝවේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 1,092ක් සිදුවී තිබේ. 04 June 2020
චීනයේ පාසලක පිහි ඇනුමකින් 39 ක් තුවාල ලබති චීනයේ වැන්ග්ෆු ප්‍රදේශයේ පාසලක ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 39 දෙෙනකු තුවාල ලබා තිබේ. 04 June 2020
ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයන් 9,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (4) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 9,304ක් ලෙස දැක්විණි. 04 June 2020
ජීවන් තොණ්ඩමන් මැතිවරණයට නුවරඑළියෙන් තරග කිරීමට අත්සන් තබයි ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද (04) අත්සන් තැබීය. 04 June 2020
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරීන්ට චෝදනා ගොනු කෙරෙයි ඇමෙරිකාවේ මිනසෝටාහි මිනියාපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාකලාපය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළුජාතිකයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා එරට සිදුකෙරෙන සිවිල් උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතරවාරයේදී එම සිදුවීමට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඇමෙරිකා පොලිසීය මේ වනවිට පියවර ගෙන තිබේ. 04 June 2020
හෙට ඡායා චන්ද්‍රග්‍රහණයක් පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට (5) දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 04 June 2020
ජකර්තා නගරයේ සීමා ලිහිල් කෙරේ ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ, කොවිඩ් වයිරසය හේතුවෙන් පැනවුණු සීමා සමහරක් ලිහිල් කිරීමට පියවර ගෙන ඇත. 04 June 2020
තායිලන්තයේ සෞඛ්‍ය ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට තායිලන්තයේ කොරෝනා රෝගයට ඒරෙහිව සටන් වදින මිලියනයක පමණ ස්වෙච්ඡා සේවකයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබේ. 04 June 2020
ඩුබායි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කරයි කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වැසුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කිරීමට එරට පාලක රජය පියවර ගෙන ඇත. 04 June 2020
අම්පාර මහ රෝහලට කෝටි දෙකක් වටිනා භාණ්ඩ පරිත්‍යාගයක් හිටපු වනජීවි රාජ්‍ය සම්පත් අමාත්‍ය විමලවිර දිසානයාක මහතා විසින් අම්පාර මහා රෝහලට කෝටි දෙකක් පමණ වටිනා වෙද්‍ය උපකරණ තොගයක් අද (4) වෙනි දින භාරදෙනු ලැබිය. 04 June 2020
‘ඇමෙරිකාවේ ව්‍යුහාත්මක ප්රචණ්ඩත්වය හෙළා දකිනවා’ ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ‘‘ව්‍යුහාත්මක වර්ගවාදය’’ සහ ‘‘අන් කිසිදු දිනෙක සිදු නොවූ අයුරින් මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර’’ නිර්දය ලෙස හෙළා දකින් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළාය. 04 June 2020
ඇමෙරිකාවේ විරෝධතා අතරවාරයේදී 10,000 ක් අත්අඩංගුවට සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අතරවාරයේදී 10,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි ඒ.පී. පුවත් සේවය වාර්තා කරයි. 04 June 2020
අයි.ඩී.එච්. රෝහලට සී.ටී. ස්කෑන් පහසුකමත් හිමිවෙයි අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනය අලුතින් ස්ථාපිත කරන ලද පරිගණකගත පරිලෝකන විකිරණ අංශය(සී.ටී ස්කෑන්) හා ගොඩනැගිල්ල විවෘත කිරීම අද(04) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 04 June 2020
’ඉකුත් දින පහේදී දවසකට කොරෝනා ආසාදිතයන් ලක්ෂයක්‘‘ අවසන් දින පහේදී ලොව විවිධ රටවලින් කොරෝනා ආසාදිතයන් ලක්ෂ පහකට වැඩි පිරිසක් හඳුනාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැසීය. 04 June 2020
දිඹුල මාධ්‍යවේදියාට කොරෝනා නෑ පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කළ හැටන් දිඹුල ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී නොමැති බව දික්ඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසීය. 04 June 2020
කුලදරුවන් පස්දෙනෙකු සසුන්ගත කෙරේ පොසොන් පෝය නිමිති කරගෙන බලංගොඩ පනාන ශ්‍රී බෝධි රුක්කාරමයේ කුලදරුවන් පස්දෙනෙකු පැවිදි කිරීමේ පිංකමක් අද (4) පැවැත්විණි. 04 June 2020
ආසන ගණනට මගීන් ගෙනයන යෝජනාව කාලෝචිතයි ලංගම සහ පෞද්ගලික බස්රථවල සහ දුම්රියේ ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයාම ඉදිරියේදී නීතියක් බවට පත්කර ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහනය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ. එය ඉතාම හොඳ අදහසක් බවත් එවැනි කිසියම් විනයකට යටත් පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳව අසන්නට ලැබීම පවා භාග්‍යයක් බවත් පැවසීමට අපි නොපැකිළෙමු. එවැනි තීරණයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී ඉදිරියට එන සියලු බාධා ජයගැනීමට ඇමැතිවරයාට ශක්තිය සහ ධෛර්යය ලැබිය යුතු බවත් ප්‍රකාශ කරමු. 04 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1749 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1749 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 03 June 2020
ඇමෙරිකාවේ විරෝධතා අටවැනි දිනටත් සුදු ජාතික පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ අඩත්තේට්ටම්වලට ලක්ව මරණයට පත්වූ නිරායුධ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතා අටවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නගර රැසක් පැවැත්විණි. 03 June 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන 200,000 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 200,000ක් ඉක්මවා ගොස් ඇත. 03 June 2020
‘‘වර්ගවාදය නොදැක්කා සේ ඉන්න බැහැ‘‘ වර්ගවාදය ඉවසිය නොහැකි බවත් වර්ගවාදී ක්‍රියාකාරකම් සිදුවෙද්දි නොදැක්කා සේ සිටිය නොහැකි බවත් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (3) ප්‍රකාශ කළහ. 03 June 2020
ෆේස්බුක් සේවකයෝ ට්‍රම්ප්ට සකර්බර්ග් විරෝධය පාති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතාව කුපිත කරවන ෆේස්බුක් සටහන් ඉවත් නොකිරීමට ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තීරණය කිරීමත් සමඟ එම සමාගමේ සේවකයන් අතිබහුතරයක් සිය රාජකාරිවලින් ඉවත් වී ඇත. 03 June 2020
ලොව පුරා හෙදියන් 600ක් කොරෝනාවෙන් මියගිහින් ලොව පුරා හෙදියන් 600කට වැඩි පිරිසක් කොවිඩ් - 19 රෝගයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලය පවසයි. 03 June 2020
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය තුෂාර උපුල් දෙණියට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. ජයසිරි තෙන්නකෝන් මහතා ඉවත් කර එම ධූරය සදහා බන්ධනාගාර බුද්ධි අංශ කොමසාරිස් තුෂාර උපුල් දෙණීය මහතා පත්කර ඇත. 03 June 2020
මිරිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට වැලිගම මිරිස්ස පෙදෙසේ දි වෙඩි තැබිම සම්බන්ධයෙන් එම සිද්ධියට අදාළ තවත් පුද්ගලයකු හෙරොයින් සමග අද (3 ) අත්අඩංගුව ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි . 03 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026