’මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න යන්න එපා’යි අපේම පිරිසක් ජාත්‍යන්තර පොලීසියට කිව්වා’ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නැයි තම පාලන සමයේ ජාත්‍යන්තර පොලීසියට දැනුම් දුන් විට ඒ රජයේම පිරිසක් ඔහු අත්අඩංගුවට ගැනීමට මැදිහත් නොවන්නැයි ජාත්‍යන්තර පොලීසියට දන්වා තිබූ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) පැවසීය. 03 June 2020
හලාවත රෝහල පිළිකා රෝගින් අන්තර්ජාලයෙන් පරික්ෂාව අරඹයි අන්තර් ජාලය මගින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිළිකා රෝගීන් නිවසේ සිටියදීම පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ වැඩසටහනක් හලාවත මහා රෝහලේ පිළිකා ඒකකය අද (03) දින ආරම්භ කළේය. 03 June 2020
’මැදගමින් හමුවු ආගන්තුක සමනල විශේෂය ආක්‍රමණශීලී කෘමියකු නොවේ’ මාදම්පේ - මැදගම ප්‍රදේශය පුරා දක්නට ඇති ආගන්තුක සමනළ විශේෂය ආක්‍රමණශීලී කෘමියකු නොවන බවට විශ්වාස කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාදම්පේ සහකාර අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය පැවසුවාය. 03 June 2020
’සිවාජිලිංගම් ස්වයං පාලනයක් සහිත ෆෙඩරල් විසදුමක් ඉල්ලයි’ තමන්ට තමන්වම පාලනය කරගත හැකි ස්වයංපාලන ව්‍යූහයකින් යුත් ෆෙඩරල් පාලන විසදුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුමක් වශයෙන් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය. 03 June 2020
රට ගැන බියක් දැනෙන බව හිටපු ජනපති ජෝර්ජ් බුෂ් කියයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘හුස්ම හිරවන’ බවට බියක් තමන්ට ඇති වී ඇතැයි එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 June 2020
කුඩු සහ පාතාලයට ඈඳුණු මොරටු ප්‍රහාරය “මත්ද්‍රව්‍ය ජාවාරම”, ශ්‍රී ලංකාව ගිල ගත්තේ විවෘත ආර්ථිකයේ දොරටු විවෘත වීමත් සමඟමය. තර්කයකින් තොරව පිළිගත යුතු සත්‍යයය එයයි. විවෘත ආර්ථිකයේ අවභාවිතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස බිහිවූ “මත්කුඩු ජාවාරමේ” අනෙක් පැත්ත “කුඩු පාතාලයයි.“ එය එකම කාසියේ දෙපැත්ත මෙනි. 03 June 2020
ෂැංග්‍රිලා බෝම්බකරු මැරෙන්න කලින්දා දරුවන් බදාගෙන හැඬුවා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරු ඉල්හාම් අහමඩ් ප්‍රහාරයෙන් පැය 7කට පෙර දෙමටගොඩ මහවිල උද්‍යානයේ සිය නිවෙසට පැමිණ දරුවන් බදාගෙන හඬා වැටී පිටත්ව ගොස් ඇතැයි තම නැඟණිය පැවැසූ බව බෝම්බකරුගේ මස්සිනා සාක්ෂි දෙමින් ඊයේ (02) පැවැසීය. 03 June 2020
කොරෝනාවට බියෙන් ඉන්දියාවෙන් ආ පියා- දියණිය නිරෝධායනයට ඉන්දියාවේ මේ දින වල සීඝ්රයෙන් ව්‍යාපත්වන කොරෝනා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා ඔහුගේ දියණිය මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට භාර වී ඇත. 03 June 2020
බ්‍රසීලයේ කොරෝනා මරණ 31,000 ඉක්මවයි බ්‍රසීලයේ කොරෝනා ආසාදිත මරණ 30,000 සීමාව පසුකර තිබේ. 03 June 2020
කළු ජාතිකයාට යුක්තිය ඉල්ලා ප්‍රංශ ජනතාවත් වීදි බසිති වසර 2016 දී පොලිස් මෙහෙයුමක් අතරතුර සිදුවූ කළු ජාතිකයෙකුගේ මරණය සිහිපත් කරමින් ප්‍රංශයේ අද (03) පැවැත්වූ විරෝධතාවයක් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. 03 June 2020
චීන වෛද්‍යවරයෙක් කොරෝනා රෝගයෙන් මරුට කොරෝනා වයිරසය ආසාදනය වී හේතුවෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මියගොස් තිබේ. 03 June 2020
තොණ්ඩමන්ගේ අවමඟුල ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකු නිරෝධායනයට හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසීය. 03 June 2020
කිලිනොච්චිය මුහමාලෙන් තවත් යුද උපකරණ තොගයක් හමුවෙයි කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කළ ප්‍රදේශයක සිදුකළ කැනීම් වලදී ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානය සතු යුද උපකරණ , මිනිස් අස්ථි හා නිල ඇඳුම් තොගයක් හමු වූ බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 03 June 2020
කොරෝනා සෞඛ්‍ය නීති කාටත් එක සේ නැත්ද? මෙරට දේශපාලනයේ කිරුළු නොපළන් රජකු වශයෙන් සැලකුණු හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගිය 31 වැනිදා දැයෙන් නික්ම ගියේය. රාජ්‍ය ගෞරව සහිත අභිමානවත් අවමංගල්‍ය උත්සවයක් තොණ්ඩමන් මහතා වෙනුවෙන් සංවිධානය කෙරිණි. ඔහුගේ මරණය මෙරට දේශපාලනය තුළ රික්තකයක් නිර්මාණය කර තිබෙන බවද නොරහසකි. ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දේ ලියැවී ඇත. අපගේ මේ සටහන ඒ කරුණු ගැන විමසීමක් නොවේ. 03 June 2020
කනගරායන්කුලම රිය අනතුරකින් කොස්තාපල් ඇතුළු දෙදෙනෙක් මරුට යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කනගරායන්කුලම කිලෝමීටර 216 වැනි කණුව අසලදී යතුරු පැදියක් ලොරි රථයකගැටී පොලිස් කොස්තාපල්වරයකු හා තවත් පුද්ගලයකු අද උදෑසන (03) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කනගරායන්කුලම පොලිසිය පවසයි. 03 June 2020
ආහාර ආසාත්මිකතාවකින් මඩකලපුවේ 30ක් රෝහලේ මඩකලපුව ආරයන්පති කෝවිල්කුලම්හිදී විවාහ මංගල්‍යයක් පැවති නිවසක ආහාර ආසාද්මිකතාවකින් 30 දෙනෙකු අසනීපවී රෝහල් ගත කර තිබේ. 03 June 2020
පිහි ඇනුමකින් තුවාල ලැබූ රැඳවියා ජාතික රෝහලට පිහි ඇනුමකින් තුවාල ලැබූ වැලිකඩ බන්ධනාගරයේ රැඳවියකු කොළඹ ජාතික රෝහලට ඇතුලු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. 03 June 2020
ඒ ටී එම් කාඩ් පතකින් මුදල් සොරාගත් බන්ධනාගාර නියාමක අත්අඩංගුවට අන්සතු බැංකු කාඩ් පතක් භාවිත කර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් වංචනික ලෙස මුදල් ලබාගත් වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයකු බොරැල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 03 June 2020
බීමත්ව කලහකාරි ලෙස හැසිරුණු කොස්තාපල්ගේ වැඩ තහනම් හබරාදුව නගරයේදී ඊයේ (02) රාත්‍රී බීමත්ව කලහකාරි ලෙස හැසිරෙමින් සිටියදි අත්අඩංගුවට ගන්නා ලද පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බවත් ඔහු අද (03) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවත් ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 03 June 2020
පෑලියගොඩ බිළිඳකුගේ මරණය සම්බන්ධයෙන් මව්පියන් අත්අඩංගුවට පෑලියගොඩ නුගේ පාරේ නිවසක මාස දෙකක් වයසැති බිළිඳකු සැකකටයුතු ලෙස මිය යාම සම්බන්ධයෙන් බිළිදාගේ මව්පියන් අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලීසිය කියයි. 03 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1683 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1683 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 02 June 2020
රෝහින්ග්‍යා සරණාගතයෙකු කොරෝනා වයිරසයෙන් මරුට බංගලාදේශයේ කඳවුරක රෝහින්ග්‍යා සරණාගතයෙකු කොරෝනා රෝගයෙන් මියගොස් තිබේ. 02 June 2020
හොංකොං හි දේශසීමා වසා දමයි කෙරෝනා වයිරස පොකුරක් වාර්තා වීමත් සමඟ හොංකොං හි සියලුම දේශසීමා විදේශිකයන් සඳහා වසා දැමීමට බලධාරීහු අද (02) කටයුතු කළහ. 02 June 2020
’ඇමෙරිකාවේ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර ගැන විමසිල්ලෙන්’ ඇමෙරිකා එක්සත් ජනපදයේ විරෝධතා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වීම සහ ඔවුන් සිරගත කිරීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා අද (2) කීය. 02 June 2020
ඇමෙරිකාවේ විරෝධතා මඩින්න හමුදාව කැඳවන්නැයි ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පොලිසියේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අවසන් කිරීම සඳහා හමුදාව කැඳවන්නේ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (2) තර්ජනය කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 02 June 2020
සිංගප්පූරුවේ වසා තිබූ පාසල් අද විවෘත කරයි කොරෝනා අවදානම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබණු සිංගප්පූරුවේ පාසැල් අද (02) නැවත විවෘත කෙරිණ. 02 June 2020
ජූනි 4 රජයේ කාර්යාල නිවාඩු දිනයක් කරයි ජූනි 4වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි. 02 June 2020
ආසාදිත ගුරුවරුන් හමුවීමෙන් සෙනගල් හි පාසල් වහයි ගුරුවරුන් කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සෙනගල් රාජ්‍යයේ පාසල් ආරම්භ කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇතැයි එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 02 June 2020
මාස දෙකකට පසු තායි වැසියෝ පන්සල් යති මාස දෙකකට ආසන්න කාලයකට පසු තායි වැසියෝ අද (2) වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගැනීම සඳහා එම ස්ථානවලට ගියහ. 02 June 2020
පුද්ගලයින් සිව් දෙනකු කපා කොටා සැඟව සිටි 4 ක් අත්අඩංගුවට කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ දි පුද්ගලයින් සිව්දෙනෙකු තියුණු ආයුද වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර සැගව් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු පැල්මඩුල්ල පොලිසිය විසින් අද ( 02) වනදා අත් අඩංගුවට ගනු ලැබිය . 02 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026