‘ඔන් ලයින්’අධ්‍යාපනය නිර්මාණශිලී චින්තනයට බාධාවක්ද?
කොරෝනා වසංගතයත් සමග මුළු ලෝකයේ ම ජන ජීවිතය වෙනස් වෙමින් පවතින අවදියක මේ රටේ අධ්‍යාපනය, සාහිත්‍ය කලා කටයුතු ඒ අභියෝගයට මුහුණ දෙන ආකාරය ගැනත් පසුගිය මැයි 29 වන දාට යෙදී තිබුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 130 ජන්ම සංවත්සරය පිළිබඳවත් අදහස් දක්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශ ප්‍රධාන මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා යි. සිංහල භාෂාව, වාග්විද්‍යාව පිළිබඳ පර් යේෂකයකු හා ග්රන්ථ කර්තෘවරයකු වන කෝපරහේවා මහතා, දෙස් - විදෙස් සරසවි කීපයක ම අත්දැකීම්