ආගන්තුක පළඟැටියා ලංකාවත් කා දමන්න සැරසෙයි මාවතගම නගරය ආසන්නයේම පිහිටි මීපල්ලේගම ග්‍රාම නිලධාරී වසමේ ප්රැන්සිස්කෝවත ප්‍රදේශයේ පුරා වගාවට හානි කරමින් පැතිර යන ආගන්තුක පළඟැටි විශේෂයක් හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . 31 May 2020
බෙල්ජියමේ කුමාරයෙකුට ස්පාඤ්ඤයේදී කොරෝනා ආසාදනය වෙයි බෙල්ජියමේ කුමාරයෙකුට ස්පාඤ්ඤයේදී කොරෝනා ආසාදනය වී ඇතැයි බෙල්ජියම් රාජකීය මාළිගාව පවසයි. 31 May 2020
‘‘කළු කොටියාගේ බෙල්ල බරපතල ලෙස අනතුරට ලක්වෙලා‘‘ නල්ලතන්නිය , ලක්ෂපාන වලමලෙයි වත්තේ දී මද්දකට හසුවීමෙන් පසු උඩවලව ඇත් අතුරු සෙවන සත්ව රෝහලේ ප්‍රතිකාර කරමින් සිටිය දී මියගිය කළු කොටියා ගේ ගෙල පෙදෙස බරපතල ලෙස අනතුරට ලක්ව තිබු බව ඇත් අතුරු සෙවන සත්ත්ව රෝහලේ වෛද්‍යවරු පවසති. 31 May 2020
තොන්ඩමන්ගේ අවමඟුල නිරෝධායන නීතිවලට කළැයි කම්කරු කොන්ග්‍රසයේ ලොක්කෙක් පරළ වෙයි අභාවප්‍රාප්ත අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් තොරව නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් කරන ලෙස කළ දැනුම්දීමට උරණවූ ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රබලයකු සෞඛ්‍ය බලධාරීන්ට දුරකථනයෙන් බැන තර්ජනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි. 31 May 2020
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී වසර පහක ලියාපදිංචිය මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් ලබන වසර වෙනුවෙන් පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා වන අයදුම්පත් සමඟ පදිංචිය සනාථ කිරීම සඳහා ඡන්ද හිමි නාමලේඛනයේ වසර පහක ලියාපදිංචිය ඉදිරිපත් කළ යුතු අයට එම තොරතුරු ග්‍රාම නිලධාරීන්ගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය මගින් ලබාගත හැකි බව එම කොමිෂන් සභාව පවසයි. 31 May 2020
දොඹගොඩ හමුදා කඳවුරේ 20 ක් නිරෝධානයට කොරෝනා ආසාදිත තත්ත්වයට පත් වූ කටුනායක ගුවන් තොටුපළේ සේවයේ නියුතුව සිටි හොරණ හමුදා නිලධාරීයාගේ රියදුරු සහ සහයකයන් දෙදෙනා දොඹගොඩ හමුදා කඳවුරේ නවාතැන් ගෙන සිටි කාලය තුළ සමීපව ඇසුරු කළ හමුදා සාමාජිකයන් 20 කට ආසන්න ප්‍රමාණයක් එම කඳවුර තුළ ගොඩනැගිල්ලක නිරෝධානයට ලක්කළ බව කලුතර ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය. 31 May 2020
තොණ්ඩමන්ගේ දේහය නොර්වුඩ් ක්‍රීඩාංගණය වෙත රැගෙන එයි අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය අද (31) දින පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණය වෙත රැගෙන එනු ලැබුහ. 31 May 2020
වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. 31 May 2020
වාලච්චේන කඩදාසි කම්හළ යළි පණ ලබයි වාලච්වේන කඩදාසි කම්හල වසර විස්සකට පමණ පසු යළි පණ ගැන්විණි. 31 May 2020
ජනසෙත පෙරමුණ කරන්දෙණිය සංවිධායක පක්ෂයෙන් නෙරපයි ජන සෙත පෙරමුණ කරන්දෙණිය ප්‍රධාන සංවිධායක වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහන දම්මුල්ල මහතා සිය පක්ෂයෙන්, පක්ෂයේ සියලුම තනතුරුවලින් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමෙන් ඉවත් කළ බව ජනසෙත පෙරමුන නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අද (31 ) පැවසූහ. 31 May 2020
විශ්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලිකව බඳවා ගනී සබරගමු පළාතේ රොහල්වල පවතින තදබල වෛද්‍ය සහ හෙද නිලධාරින්ගේ හිගය මගහැරීම සදහා සේවයෙන් විශ්‍රාම ලැබූ විශ්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද නිලධාරීන් ඇතුළුව විශ්‍රාමික වෛද්‍ය සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බදවා ගැනීමට සබරගමු පළාත් සභාව පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. 31 May 2020
කොරෝනා අවදානමක් හේතුවෙන් හොරණ වෙළඳසැල් වැසේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි සේවයේ නියුතුව සිටි හොරණ, කඳන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු පදිංචි නිවසේ සාමාජිකයින් ඇතුළුව ඔහු සමඟ සමීපව ඇසුරු කළ පවුල් තුනක සාමාජිකයින් සහ හොරණ ප්‍රදේශයේ වෙළඳසැල් 4 ක කාර්ය මණ්ඩල සේවකයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. 31 May 2020
අක්කාට- මස්සිනාට-දරුවාට පහරදුන් මල්ලී රිමාන්ඩ් රාත්‍රි ආහාරය ප්‍රමාද විම නිසා යාබද නිවසේ පදිංචි අක්කාටත් මස්සිනාටත් ඔවුන්ගේ හය හැවිරිදි දියණියටත් පොල්ලකින් පහරදි තුවාල සිදු කළැයි සැකකරුවෙකු ජූනි 8 වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (31) නියෝග කලේය. 31 May 2020
පන්දහස ගන්න ගිය ලිපිකරුවෙක් හදිසියේ මිය යයි රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා හෝමාගම හත්ලහගොඩ විහාරස්ථානයට ගොස් සිටි තිදරු පියෙකු අද (31) හදිසියේ මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි . 31 May 2020
පාර්ලිමේන්තුව නැතිව මාස 5 ක් ජනපතිට රට පාලනය කළ හැකියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුව නොමැතිව යටත් පිරිසෙන් මාස 5ක කාලයක් රට පාලනය කිරීමේ හැකියාව ඇති බවත් ඒ අනුව මාස 3කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නොමැතිව ජනාධිපතිවරයාට රටපාලනය කිරීමට නොහැකි යැයි ඉදිරිපත් කෙරෙන තර්කය බිඳ වැටෙන බවත් මැතිවරණයට පක්ෂව සහ එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ව්‍යාපාරිකයකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ. දීකිරිවැව මහතා පැවසීය. 31 May 2020
’අවමඟුලට ගිය අය අතරින් නව පොකුරක් මතුවුවෙහාත් නඩු දානවා’ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවයි. 31 May 2020
ලාංකික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බව විදේශ ඇමැති කියයි මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් කිහිපයක සිරවී සිටින ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම, කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් අඛණ්ඩව සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. 31 May 2020
කුවේටයෙන් ගෙන්වූ අයට එරට රජයෙන් පී.ආර්.සී පරීක්ෂණ පවත්වලා නැහැ කුවේට් රාජ්‍යයෙන් ඉකුත්දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයින් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර,පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද එය කළ නොහැකි බවට එම අමාත්‍යාංශය කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබුනේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 31 May 2020
ජී -7 සමුළුව කල්දමයි ජී -7 සමුළුව පැවැත්වීම කල් දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා පවසයි. 31 May 2020
අභාවප්‍රාප්ත මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු ලබන 3 වැනිදා පස්වරු 4.00 ට බදුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය. 31 May 2020
මොරටුව අපනශාලාවේ වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට මොරටුව රත්මලාන සොයිසා පුර ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයෙකු පානදුර එළුවිල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි . 31 May 2020
මිරිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පළාගිය ත්‍රි රෝද රථ දෙකක් රියදුරන් සමඟ අත්අඩංගුවට මිරිස්ස ධිවර වරාය පාරේදි ඊයේ (30) උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබු සැකකරු පලා ගිය බව කියන ත්‍රි රෝද රථ දෙකක් ඒවායේ රියදුරන්ද සමග ඊයේ රාත්‍රි අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 31 May 2020
කොරෝනා ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1613 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 30 May 2020
‘‘පාසල් විවෘත කිරීම ප්‍රමාද කර තැපැල් මගින් ඉගැන්වීමේ කටයුතු කරන්න‘‘ කොවිඩ් 19 වසංගතයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බැවින් පාසල් ආරම්භ කිරීම තව දුරටත් ප්‍රමාද කර තැපැල් මගින් සිසුන්ට නොමිලයේ ඉගැන්වීම කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටියි. 30 May 2020
හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි හිටපු ආණ්ඩුකාරවරවරයකු වූ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා අද (30) අභාවප්‍රාප්ත වී ඇත. 30 May 2020
චීන - ඉන්දියා දේශ සීමාවේ උණුසුම් තත්ත්වයක් ඉන්දියා චීන දේශසීමාවේ පිහිටි මතබේදාත්මක කාෂ්මීර කලාපයේ, ලඩාක් හි ගැල්වාන් නිම්නයට චීන හමුදා භටයන් දහස් ගණනක් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 30 May 2020
උස්බැකිස්ථානයේ වයිරස් ව්‍යාප්තියේ මැඩලීම සඳහා පනවා ඇති සීමා දීර්ඝ කරයි උස්බැකිස්ථානයේ කෙරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීම සඳහා පනවා ඇති සීමාවන් ජුනි 15 දක්වා දීර්ඝ කර ඇතැයි වාර්තා වේ. 30 May 2020
විදුලි බලයෙන් පමණක් ක්‍රියාකරන ලොව විශාලතම යානය ගුවන් ගත කරයි සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානයේ ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේදී සිදුකර ඇතැයි වාර්තා වේ. 30 May 2020
මිරිස්සේ වෙඩි තැබීමක් මිරිස්ස ධිවර වරාය පාරේ පදිංචි පුද්ගලයෙකුට අද(30)උදැසන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි. 30 May 2020
රාජ්‍ය පරිපාලන - විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවි දෙකටම සයිබර් ප්‍රහාරයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවිය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. 30 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026