කොරෝනා පාලනයට ලැබුණු ආධාර ගැන සවිස්තර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක කාලයේදී රටට ලැබුණු සියලු ණය හා ආධාර පිළිබඳ සියලු විස්තර ඇතුළත් වාර්තාවක් මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.