(ඉන්දිකා රාමනායක)
අන්සතු ගිණුම් වලින් සොරාගත් 1,3500000 ක මුදලක් සිය බැංකු ගිණුමේ තැන්පත් කරගෙන සිටි පුද්ගයෙක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇමරිකාව ඇතුළු විදෙස් රටවල පුද්ගලයන්ගේ ගිණුම්වලට අන්තර්ජාලය ඔස්සේ රහසේ ඇතුළු වී මුදල් සොරාගෙන ඒවා මෙරට පුද්ගලයන්ගේ ගිණුම් වලට බැරකරන සංවිධානාත්මක ජාවාරමක් සිදු වන බවත්, එම ජාවාරමට අනුව මෙම සැකකරුගේ ගිණුමට ද මුදල් බැර කර තිබූ බව පොලිසිය කියයි.
2020 අප්‍රේල් මස සිට මේ දක්වා රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් මේ අයුරින් මෙරට පුද්ගලයන් ගේ ගිණුම්වලට බැර කර තිබූ බවද පොලිසිය කියයි .
පුද්ගලයන් 33 න් දෙනකු මේ දක්වා වරින්වර අත්අඩංගුවට ගත් බව ද බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි බැංකුව වගේ එකක් දාගන්න හිතුවද දන්නේ නැහැ. මේක මේ රටේ ගොඩක් දුර පළාත්වල සිද්ද වෙන අපරාධයක්...
මාර වැඩ්ඩොනේ ලංකාවේ ඉන්නේ? නායකයෝ කියලත් නිකම්ද?