(යොහාන් භාසුර)
පෞද්ගලික සමාගම් හතරකින් ආනයනය කර එම සමාගම්වල ගුදම්වල ගබඩා කර ඇති පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට තෙවැනි පරීක්‍ෂණයෙන් ද තහවුරු වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මීට පෙර කළ පරීක්‍ෂණවලින් එම පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගුවලට තහවුරු වූ අතර පසුව කාර්මික තාක්‍ෂණ ආයතනය කළ තත්ත්ව පරීක්‍ෂණවලින් ද එය තහවුරු වී තිබේ.
එම ගුදම්වලින් ලබාගත් පොල්තෙල් සාම්පලවල පරීක්‍ෂණ ප්‍රතිඵල කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පාරිභෝගික සේවා අධිකාරීයට අද (01) යොමු කරන ලදී.
සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසුවේ කාර්මික තාක්‍ෂණ ආයතනයේ තත්ත්ව පරීක්‍ෂණයෙන් ද ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගුවලට තහවුරු වී ඇති බවත් එහි ප්‍රතිඵල කුමක් වුවත් අදාල පොල්තෙල් ප්‍රතිඅපනයන කළ යුතු බවත්ය.
මෙම ආයතනවලින් ගෙන්වා තිබෙන පොල්තෙල්වල පිලිකා කාරක ප්‍රමාණයට වඩා අඩංගු බවට සනාථ කළ යුතු නිල ආයතන දෙක වන සෞඛ්‍ය අමාත්‍යංශය සහ ප්‍රමිති ආයතනය තහවුරු කර ඇති බැවින් පසුව ලැබෙන වාර්තා කුමක් වුවත් අදාල පොල්තෙල් ප්‍රතිඅපනයන කළ යුතු බවයි.
රේගු දෙපාර්තමේන්තුව සමාගම්වල ගුදම්වලට නිකුත් කළ පොල්තෙල් ප්‍රමාණයන් එම ගුදම්වල නියමිත පරිදි තිබේ දැයි මේ වන විට පරීක්‍ෂා කරන බවත් එහිදී වෙනසක් ඇති වුවහොත් එම පොල්තෙල් ප්‍රමාණය ද සොයා විනාශ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.
පාරිභෝගික සේවා අධිකාරිය සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි මීට දින කීපයකට පෙර ලබාගත් පොල්තෙල් සාම්පල 125 පරීක්‍ෂණ සඳහා මේ දක්වා දක්වා කිසිඳු ආයතනයකට ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතරවන පරීක්ෂණයද නුදුරේදී කරනු ලැබේ. සියවන පරීක්ෂණය තෙක් අඛණ්ඩව පරීක්ෂණ කරනු ලැබේ (ඒ සඳහා අවුරුදු කීපයක්ම ගත වෙන බැවින් ප්‍රශ්නය දියාරු වෙනු ලැබේ)... එබැවින් මෙම ශරීරයට ගුණවත් විෂ මෙරටට ගෙන්වූ අයට අප සියවන පරීක්ෂණය අවසන් වන තෙක්ම රටින් පැනයාමට අවස්ථාව ලබාදෙන බැවින් ඉක්මන් කරනු..
මේ විෂ පොල්තෙල් අනිවාර්යයෙන්ම ප්‍රතිඅපනයනය කළයුතුයි. නමුත් මේ " මිනිස් ඝාතකයින් " මේ ප්‍රතිඅපනයනය කළ පොල්තෙල් වෙනත් මුහුණුවරකින් අපේ රටට හෝ වෙනත් රටකට නැවත අපනයනය කළ හැක. ඒ නිසා තෙල් ප්‍රතිඅපනයනය කළ වහාම නව ගමන්ගන්නා මාර්ගය, නැව මුලින්ම නවතන වරාය, මගදී ගමනේ යම්කිසි වෙනසක් කළාද, පමණක් නොවේ, මේ තෙල් රටට ආනයනය කරන ආයතනයේ ආනයන අවසරපත සදහටම අවලංගු කළ යුතුවේ. එමෙන්ම මේ තෙල් නිෂ්පාදනය කළ ආයතනය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් " රතු නිවේදනයක් " නිකුත් කළයුතුයි. කෙසේවෙතත් මේ තෙල් නැවත මිනිස් පරිභෝජනයට නොයන ලෙස ක්‍රියාකළ යුතුයි. ඒ වගේම මේ පොල්තෙල් ජාවාරමට සම්බන්ධ හොර දේශපාලුවන්ගේ හෙන්චයියන්ට විරුද්ධව නඩු පැවරිය යුතුයි. නමුත් දේශපාලුවන් නඩු අහන ගෝත්‍රික රටක මොන සාධාරණ විනිශ්චයක්ද...? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආයතනයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා ඉහළින් සිටින සේ, රටේ සියලුම නඩු සඳහා ප්‍රබල උසාවියක් , ස්වාධීන විදේශීය විනිශ්චයකාරවරුන් යටතේ හොඳින් හෝ නරකින් පිහිටුවන දිනය තෙක් .. මේ රටේ උසාවිවල විනිශ්චයන් අප සැම සිනාගන්වන කතාම වේ.
පරීක්ෂණ සමත්වෙන තුරුම පරීක්ෂණ කිරීම අතහැර දමන්න එපා...
උත්සාහය අත්හරින්න එපා... සමත්වනතුරු කරන්න. ඉන්දියාවට හරි කෑමක් නැහැ. දැන්නම් මේ රට දාලා යන්න හිතෙනවා.