
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම සෙල්ලකන්දල් මානවේරිය පාඩිගල ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක නීති විරෝධි ලෙස කැණිම් කළැයි වැලි ව්‍යාපාරයකු හා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු අද ( 2 ) දින අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචි මේ වන පුත්තලම අවට වැලි සේදිමේ ව්‍යාපාරයක් පත්වාගෙන යන ප්‍රධාන ව්‍යාපාරිකයකු හා එහි කැණිම් කළ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු හා බැකෝ යන්ත්‍රය බව පොලිසිය කියයි.
අදාල රජයට අයත් ඉඩම තුළ මෙම වැලි ව්‍යාපාරිකයා නිදන් ලබා ගැනිමේ අරමුණින් කැණිම් සිදුකරන බවට චෝදනා කරමින් ප්‍රදේශ වාසින් පිරිසක් එම ඉඩමට කඩා වැදි චෝදනා එල්ල කරන්නට විය .
එම ස්ථානයට පැමිනි ගම්වැසියන් චෝදනා කළේ අදාල ව්‍යාපාරිකයා මෙම පාඩිගල වැව් රක්ෂීතයට ආසන්නයේ පිහිටි මෙම ඉඩමෙ නීති විරෝධි අයුරින් අඩි 10 වැඩි ගැඹුරකින් අඩි පනහකට ආසන්න වපසරියකින් යුත් දැවැන්ත වලක් එහි කළු ගල්ද ඉවත් කරමින් කැණීම් සිදුකර ඇති බවයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවට පිරිසිදු පානීය ජලය දෙන්න වැවක් කපනවා වෙන්න ඇති. මේක දේශපාලන පළිගැනීමක් කියලා චූදිතයාව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වෙයි. ඒ වැලි ව්‍යාපාරිකයාට වන්දියකුත් ගෙවන්න කියලා කියයි. කොහොමද ටිකිරි මොලේ..