(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් හා ලොරියක් ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි දක්‍ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කළේය.
කොට්ටාව මාකුඹුර සිට මාතර බලා ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක් හා මාතර දෙසටම ධාවනය වු ලොරියක් ගැටීමෙන් 17.4 කිලෝමීටරය ආසන්න ප්‍රදේශයේදී මෙම අනතුරින් තුවාල ලැබුවන් අතර කාන්තාවන්ද සිටින බව දක්‍ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේදී සුඛෝපභෝගී බස් රථයේ මාතර බලා ගමන් කරමින් සිටි මඟීන් 40ක් පමණ ගමන් කොට ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මාතර දෙසට ධාවන වු සුඛෝපභෝගී බස් රථය 17.4 කිලෝමීටරය ආසන්න මිල්ලනිය ප්‍රදේශයේදී අධිවේගී මාර්ගය මැද පිහිටා ඇති ආරක්‍ෂිත වැටේ ගැටී ඇති බවත් යළි මාර්ගය දෙසට විසී වු බස් රථය ඒ වන විට මාතර දෙසටම ධාවනය වු ලොරියක පිටුපසු ප්‍රදේශයේ ගැටී අති බවත් සඳහන් කරන පොලිසිය අනතුරුව මාර්ගයේ වම් පස ආරක්‍ෂිත වැටේ ගැටී එයද කඩාගෙන බෑවුමට පෙරළි ඇතැයි පොලිසය සඳහන් කරයි.
ලොරි රථය උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් රැගෙන මැදමුලන ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබු බවද පොලිසය සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබුවන්ට එහි පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලුන් විසින් ඒ ස්ථානයේදීම ප්‍රතිකාර කළ බවත් ඉන් අනතුරුව ඔවුන් රෝහල් කරා යොමු කිරීමට පියවර ගත් බවත් සඟන් කළ පොලිසිය අනතුරින් සුඛෝපභෝගී බස් රථයටද ලොරි රථයටද දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්‍ෂිත වැටටද දැඩි හානි සිදුවී ඇති බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කරන්නේ කිසිම සැලකිල්ලක් නැතුව. 100 වේග සීමාව පහුකරලා තමයි හැම එකක්ම යන්නේ. කොයි වෙලේත් හෙඩ්ලයිට් ගගහ වාහන පාස් කරගෙන යන්නේ හරියට කලින් ගියොත් තෑගි දෙනවා වගේ...
අධිවේගී මාර්ගයේ බස් කාරයො යන්නේ ලොකු වාහන වලට ඔරොත්තු නොදෙන 120km විතර වේගයෙන්. ඉදිරියෙන් යන වාහනය කලබල වෙන විදියට හෙඩ් ලයිට් දාලා, හෝන් ගහලා තමයි ඉස්සර කරන්නේ... කවදාවත් පොලිසිය ඒ අය අල්ලලා තියනවා නම් දැකලා නෑ...
අධිවේගී මාර්ගයේ ධාවනය වන විශාල බස්රථ සහ ලොරි වැනි බර වාහනවල උපරිම වේගසීමාව පැයට කිලෝමීටර 80ට සීමා කරන්න. යුරෝපයේ රටවලත් බරවාහන වලට 80 වේග සීමාව ක්‍රියාත්මක වෙනවා.
අපේ රටේ හයිවේ බස්වල පැසෙන්ජර් සීට් බෙල්ට් අනිවාර්ය කරන්න ඕනෑ.. තවම හරි හපන් අනතුරක් වුනේ නෑ. වෙච්චි වෙලාවක සෑහෙන පිරිසක් ජීවිතයෙන් වන්දිගෙවන්න වුනත් හේතුවෙන්න පුලුවන්.